Header Ads

test

ඩිල්දාස එජාපයෙන් පොහොට්ටුවට ඔළුගෙඩි 27ක් බිලි බෑමට සැරසේ.


පසුගිය පලාත් පාලන මැතිවරණය ඉලක්ක කොට ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එක්ව හවුල්කාර ආණ්ඩුවක් ගොඩ නැගීමට රහසේ කුමන්ත්‍රණය කල කූඨ දේශපාලුවෙක් ගැන SL NEWS WEB අපට කරුණු සාක්ෂි සහිතව හෙළි විය. ඔහු අන් කවරෙකු නොව කුප්‍රකට ඩීල්දාස නොහොත් ඇමතිකමෙන් දොට්ට දැමූ විජයදාස රාජපක්ෂය. පලාත් පාලන මැතිවරණයට ආසන්න දින පහකට ආසන්න දිනක සිට ඩීල්දාස ගෝඨාභය ප්‍රමුඛ ඒකාබද්ධ නඩයේ කිහිප දෙනෙක් සමග පැවති සාකච්ඡාවකින් පසුව අගෝස්තු 10 වැනිදා මැතිවරණය ඉලක්ක කරගෙන කරූ ඇතුළු එජාපයේ ඔළු ගෙඩි 19 ක් සමග රහසේ සාකච්ඡා කල අතර එයින් 17ක් කැමති වීමෙන් පසුව ජනපති මෛත්‍රීද මෙයට එකග කර ගැනීමට ඩීල්දාස දැලක් එලුවේ කාටත් නොදැනෙන පරිදිය. ඒ අනුරාධපුරයේ ඥාණා අක්කා නැමති නොපෙනෙන ලෝකයක් පෙන්වා ප්‍රභූන් අන්දන කුප්‍රකට ගැහැණියක් එකතු කර ගනිමිනි. එහිදී විජයදාස රාජපක්ෂගේ උත්සාහය ව්‍යර්ථ වූයේ ඥාණාගේ බහට මෛත්‍රී රැවටුනත්, ප්‍රබලයන් කිහිපයකගේ බලපෑම මත මෛත්‍රීට එය ප්‍රතික්ෂේප කරන්නට සිදු විය. 

ඉන් පසුව පලාත් පාලන මැතිවරණය පැවැත්වුනු අතර කවුරුත් නොසිතූ අයුරින් එහි ප්‍රථිඵලය උඩු යටිකුරු විය. පොදුජන එක්සත් පෙරමුණ (පොහොට්ටුව) හා ශ්‍රීලනිප ආණ්ඩුවක් හැදීමට පසුගිය 10 වෙනිදාට පෙර විජයදාස රාජපක්ෂ කරු ජයසූරිය ඇතුළු 17දෙනෙකු සමග සාකච්ඡා කර තිබුණු නමුත් ලැබුණු ප්‍රතිඵල නිසාවෙන් ජනපති ඊට අකමැති වීමත් සමග ඩීල් දාසගේ සිහිනය බොඳවී ගියේය.

එයින් නොනැවතුනු ඩීල්දාස ඇතුලු ඔහු යටතේ කණ්ඩායමක් පලාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් සමග පක්ෂ වල ඇති වූ අභ්‍යන්තර මෙන්ම පිටත ගැටුම් මැද  ගැටුම් මැද නැවත වැඩ අාරම්භ කර ඇති බව විශ්වාසන්ත තොරතුරු දැන ගැනීමට ලැබී ඇත.

මෙවරද මේ සඳහා ඔහුට සක්‍රීය දායකත්වය ලබා දෙන්නේ මහරගම අන්ත පරාජයකට ලක් කිරීමට දායක වූ තරුණ සේවා සභාවේ සභාපති මෙන්ම එජාප නායක රනිල් විසින් දුන් අරුම පුදුම තනතුරක් වන මහරගම එජාප මැතිවරණ මෙහෙයුම් කමිටු සභාපති තනතුරකට පත් කල බැසිල්ගේ ගෝලයෙක් වන බැසිල් සහ ගෝඨාභයගේ උවමනාව මත ඩීල්දාස හරහා එජාප නායක රනිල් වික්‍රමසිංහට සමීප වූ එරන්ද වැලිඅංගේය.

ඩිල්දාසගේ හෙන්චයියෙක් වෙන දසුන් කියන්නේ කවුද ?






අනිකා වනුයේ  ඩීල්දාසගේ ( අධිකරණ ඇමති කාල වකවානුව තුල ) සම්බන්ධීකරණ ලේකම්වරයකු මෙන්ම අධිකරණ ඇමතිධූරය දරණ කාලය තුල විවිධ නඩු පෙනීසිටිමින් තීන්දු ඔවුනට පක්ෂපාතී අයුරින් වෙනස් කර කූඨ අයුරින් විශාල කොමිස් මුදල් ගත් අයෙකු ලෙස නම් දරා සිටින, තරුණ සේවා සභාවේ සභාපති වන එරන්ද වැලිඅංගේ යන අයගේ පිහිටින් තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂක තනතුරක් දරමින් අධිකරණ අමාත්‍යංශයේ සහ තරුණ සේවා සභාව යන රජයේ ආයතන දෙකෙන්ම වැටුප් මෙන්ම වාහන සහ දේපල අවභාවිත කරමින් සිටින දසුන් නාගස්හේන නැමැත්තාය. තවත් අයුරකින් කිවහොත් එජාප නායක රනිල් සහ රවී ඇතුළු මහ බැංකු බැදුම්කර වංචාවට නම් ගෑවුනු පිරිසට චෝදනා ගොනු කරමින් දැඩි ප්‍රහාර එල්ල කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ දප්පුල ලිවේරා නැමති අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඩීල්දාස යොදා ගත්තේද මොහු හරහාය. ඊට අමතරව මෙයට හිටපු කොටි නායක මෙන්ම හිටපු ජනාධිපති මහින්දගේ සොහොයුරියක් වන නීරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරූ නඩේසන්ද ඩීල්දාස විසින් යොදා ගෙන ඇත. යහපාලන ආණ්ඩුව පෙරලා දැමීමට මොවුන් විසින් දැනට එජාපයෙන් බිලී බා ගැනීමට සාකච්ඡා කර ඇති පිරිස 27ක් පමණ වන අතර කතානායක කරු ජයසූරිය, පා.ම. කාවින්ද ජයවර්ධන,එරන්ද වැලිඅංගේ මාමණ්ඩිය වන පාලිත රංගේ බණ්ඩාර යන අයද මේ අතර වෙයි.

එදා ජනවාරි අට විප්ලවයේ සැබෑ අරුත විකෘති කරමින් අධිකරණ අමාත්‍ය ධූරයේ සිට ගෝඨාභය ඇතුළු රාජපක්ෂ වරුන් හා නිශ්ශංක සේනාධිපති වැනි හොර අවිආයුධ වෙලෙන්දන් සමග ඩීල් දමා හසුවී කැබිනෙට්ටුවෙන් එලියට විසි වූ ඩීල්දාස තවමත් පාඩමක් ඉගෙනගෙන නැති අතර මෙවන් බොර දියේ මාළු බාන දේශපාලකයන්ට ඊලග මහ මැතිවරණයේ දී ජනතාව නිවැරදිම පිලිතුර දෙනවා ඇත. ඒ වගේම ඩීල්දාස වැනී කුප්‍රකට දූෂිතයන් එජාපයේ තවමත් තබා ගැනීම මුළුමහත් ජනතාවටම ගෙන දෙන්නේද ප්‍රශ්නාර්ථයකි.

සබැදි පුවත් : 


කවුරුත් නොදන්නා අනුරපුරේ අක්කා කවුද ?



32,651 Viewers

No comments