Header Ads

test

මහින්ද ආසන 250යි. රනිල් ආසන 25යි. මෛත‍්‍රි ආසන හතරයි අවසන් ප‍්‍රතිඵලය ආසන්නයි - Exclusive


පලාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සවස 8 වෙන විට ප්‍රකාශයට පත් කරන බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති පුන පුනා කීහ. එමෙන්ම ඡන්ද මධ්‍යස්ථානය තුලම එම ඡන්දය ගනන් කොට ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන බවත් හෙතෙම පැවසීය. ඒ අනුව එම මධ්‍යස්ථාන තුලම ඡන්දය ගනන් කොට එහි සහතික කල නිල පිටපතක් අදාළ පක්ෂ සඳහා නිකුත් කොට ඇත.
එහෙත් මැතිවරණ කොමිසමට අද අලුයම 5 වනවිටත් ලබාදීමට හැකි වූයේ සභා 4 ක ප්‍රතිඵල පමණි.
කොට්ඨාස අනුව නිකුත් කල සහතික කල ප්‍රතිඵල අනුව මේ වනවිට පලාත් පාලන 250 කට අධික ප්‍රමාණයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දිනාගෙන ඇත.
ඒ මොණරාගල, අනුරාධපුර, රත්නපුර දිස්ත්‍රික්යේ සියලු සභාවන් මෙන්ම හම්බන්තොට, මාතර, ගාල්ල, මාතලේ, මහනුවර,පුත්තලම, කෑගල්ල එක් සභාවක් හැරුණු විට අනිකුත් සියලුම සභාවන් ද කුරුණෑගල දිස්ත්‍රික්යේ කුරුණෑගල මහ නගර සභාව හා කුලියාපිටිය නගර සභාව හැර සම්පූර්ණ දිස්ත්‍රික්ය ද බදුල්ල, අම්පාර, ත්‍රිකුණාමල, නුවරඑළිය දිස්ත්‍රික්වල සියලුම සිංහල බහුතරය සිටින සභාවන් ඇතුළුවය.
එමෙන්ම කොළඹ, දෙහිවල ගල්කිස්ස, මහ නුවර, කුරුණෑගල, බදුල්ල, නුවපාල මහ නගර සභා ඇතුළු පලාත් ආයතනයන් 25 ක් පමණ රනිල් වික්‍රමසිංහ මහතා දිනා ගෙන ඇත.
පොලොන්නරුව දිස්ත්‍රික්යේ පලාත් පාලන 4 ක් පමණක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිනාගෙන ඇත.
අනිකුත් සුලු ජාතික පක්ෂ විසින් 61 පමණ දිනා ගෙන ඇත.


39,783 Viewers

No comments