Header Ads

test

මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගෙන් මාසිකව ලක්ෂ 25ක අල්ලස්ගත් ඩිලාන්ට මෛත්‍රීගේ රැකවරණය


මේ දිනවල සමාජයේ වඩාත් කතාබහට ලක්වන්නේ සොරකම් වංචාදූෂණ පිළිබඳවය. කෙසේ වෙතත් රාජපක්ෂ කළු දශකය තුළ සිදු වූ අතිවිශාල වංචා දූෂණ සම්බන්ධයෙන් මැතිවරණයට පෙර යහපාලන ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දුෂණ විරෝධී සටන් පාඨය මැතිවරණ වේදිකාව මොරදෙමින් සිටී. ඔහු තමන් වටේ ඉන්නා දුෂිතයින් ආරක්ෂා කරමින් සිදුකරන මෙම රංගනය ඉතාම ජුගුස්සා ජනකය.
එදා රාජපක්ෂ පාලනය තුළ එම දූෂණයන්ට හවුල් වූ මැති ඇමතිවරු වත්මන් යහපාලන ආණ්ඩුවේද හවුල්කරුවෝ වෙමින් අදටත් ඇමතිකම් දරති. ඒ අතරින් ඩිලාන් පෙරේරා යනු සුවිශේෂී චරිතයකි. මේ සිරිසේන ජනාධිපතිවරයා වසන් කරනා එවැනි සිදුවීම්වලින් එකකි.
පසුගිය රාජපක්ෂ පාලනයේ ඇමති මණ්ඩල සාමාජිකයෙකු වූ ඩිලාන් පෙරේරා ගලේවෙල කැප්පෙටියාපොල පදිංචි  නීති විරෝධී ලෙස අහිංසක කාන්තාවන් විදේශගතකර වංචනික ලෙස මුදල් උපයන ජුනයිදීන් ඉර්ෆාන් නැමති අයගෙන් මාසිකව රුපියල් ලක්ෂ 25ක් අල්ලස්ලෙස ලබාගෙන ඇති බව 2015.03.19 වනදින ACC/FC/2015/122 අංක දරණ පැමිණිල්ල විමර්ශනය කිරීමේදී හෙළි වී ඇත. ගලේවෙල පදිංචි මෙම ජුනයිදීන් ඉර්ෆාන් නැමති අය නීතිවිරෝධී ලෙස විදේශගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර, උප්පැන්න සහතික මෙන්ම තානාපති කාර්යාලවල නිල මුද්‍රාද සකස් කරමින් මුදල් උපයන අතර එම මුදල්වලින් මාසිකව හිටපු විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරාට අල්ලස් මුදල් ලෙස ලක්ෂ 25 බැගින් සපයා ඇත.
මෙම ජුනයිදීන් ඉර්ෆාන් නීති විරෝධී අයතා ක්‍රම මගින් උපයාගන්නා මුදල් යොදවා අතිමහත් දේපල හා වත්කම් ප්‍රමාණයක් රැස්කරගෙන ඇති බවද තහවුරු වේ. ඒ අතර,
කෝටි එකහමාරක් වටිනා ගලේවෙල කොස්පොත අක්කර 13ක ඉඩම,
කෝටි දෙකක් වටිනා වාගොල්ලයාය මස්කඩේවත්ත අක්කර 17.5ක පොල් ඉඩම,
රුපියල් ලක්ෂ 50ක් වටිනා වාගොල්ල යාය මීසාන් වත්ත අක්කර දෙකක ඉඩම,
රුපියල් ලක්ෂ 10ක් වටිනා වාගොල්ල යාය රන්වැඩියාව අක්කර දෙකක ඉඩම,
රුපිය්ල ලක්ෂ 75ක් වටිනා ගලේවෙල අක්කර 1.5ක වෙන්දේසි ඉඩම,
රුපියල් කෝටි 03ක් වටිනා ගලේවෙල පොලීසිය අසල තෙමහල් ගොඩනැගිල්ල,
රුපියල් කෝටි දෙකක් වටිනා කුරණෑගල ඉඩම සහ නිවස යනාදිය වේ. මෙම සියළු දේපල ඉහත සඳහන් කරන ලද නීතිවිරෝධී විදෙස් ගමන් බලපත්‍ර හා ව්‍යාජ ලිපිලේඛණ සකස් කිරීම හරහා උපයාගත් ධනයෙන් මොහු විසින් අත්පත් කරගෙන ඇති අතර ඒ සඳහා අවශ්‍ය කරන රැකවරණය ලබාදි ඇත්තේ හිටපු විදේශ කටයුතු ප්‍රවර්ධන අමාත්‍යධුරයේ සිටින කාල වකවානුවේ පටන් මේ වනතෙක්  ඩිලාන් පෙරේරා විසිනි.
වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව ඇති බොහෝ වංචා දුෂණ පිලිබද පරීක්ෂණ යටගසා ඇති ආකාරයටම මේ සම්බන්ධයෙන් වන විමර්ශනද කටයුතු යහපාලන ආණ්ඩුවේ ඉහළ නායකත්වයේ මැදිහත්වීම මත මේ වනවිට අතරමග නවතා දමා ඇති බව වාර්තා වේ.
ජනාධිපතිතුමනි,
ඔබ හොරකමට දුෂණයට එරෙහිව කතා කරන්නේ ඔබ අස්සේ හොරුන්, දුෂිතයන්, වංචනිකයන් රොත්තක් තබා ගෙනය. ඔබ වටා සිටින පිරිස පිරිසිදු කර හොද ආදර්ශයක් ලබා දී අන් අය ගැන සොයා බැලුවා නම් හොදයි නේද ?

37,597 Viewers

No comments