Header Ads

test

ගෝතා – බයගේ 2020 සිහිනය පරාජිතයි! කුජීතයි - Exclusive


ඇමෙරිකානු පුරවැසි නන්දසේන ගෝතා – බය රාජපක්ෂ 2020 ජනපති සිහිනය හුදෙක් දේශපාලන උපායක් පමණක් බවත් ඔහුට ඇමෙරිකානු නීතියෙන් හා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව එසේ තරඟ කිරීමට නොහැකි බව දෙස් විදෙස් නීතිවේදීහු පෙන්වා දෙති.

ගෝතා ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගත්තා යැයි මේ දිනවල යවන ප්‍රචාරය අමුලික බොරුවකි. අමෙරිකානු පුරවැසියෙකුගේ මුක්තිය අනුව ඔහුට හෝ ඇයට අමෙරිකානු පුරවැසිභාවය සර්පයෙක් හැව අරිනවාසේ උලා දැමිය නොහැකි බවත් වොෂින්ටනයේ සංක්‍රමණික නීතිවේදීහු මා වෙත තහවුරු කළහ. ඇමෙරිකානු පුරවැසිභාවය කිසියම් කෙනෙකු ලබා ගන්නේ අමෙරිකාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක අවි දැරීමට හා රාජ්‍යයක ඉල්ලා සිටින හා නියම කරන ඕනෑම අවස්වථාවක තම රට වෙනුවෙන් සේවය කිරීමට විනා වෙනත් රටක පාලකයෙකු වීමට නොවේ.

මත්ද්‍රව්‍ය ජාවාරම, රාජ්‍යයට එරෙහිව වීම, අසත්‍ය තොරතුරු ලබා දී පුරවැසියෙක් වීම යන විශේෂ අවස්ථාවන්හිදී උසාවිය මගින් ලබාදෙන තීන්දුවකින් ඔහු හෝ ඇයගේ පුරවැසිභාවය නෙරපා හැරීම විනා අන් කිසි ලෙසකින් වත් අමෙරිකාවේ පුරවැසි භාවය අත්හල නොහැක්කේය. “මම ලංකාවේ ජන්ද ඉල්ලන්න යන්නේ මගේ පුරවැසිභාවය අහෝසි කරලා දෙන්න” යන්න යැයි ඇමෙරිකාවේ උසාවියකට ඇපෑලක් ඉදිරිපත් කලත් ඉන් පලක් වන්නේ නැත.

මානව හිමිකම් හා මිනීමැරුම් චෝදනා මෙන්ම අහස නුහුලන මුල්‍ය දුෂණ රැසකට වගකිව යුතු නන්දසේන ගෝතා – බය රාජපක්ෂට අදටද අමෙරිකාවට කිසිදු බාදාවකින් තොරව පැමිනෙන්නේ ඔහු මේ රටේ පුරවැසියෙකු බැවිනි. නීතිය හමුවේ වරදකරුවෙකු වූ පසු ඔහුට අමෙරිකාවෙන් ලැබෙන දඬුවම ලංකාවේ දඬුවමට වඩා සිය ගුණයකින් පමණ වැඩි විය හැකි බවයි වොෂින්ටනයේ නීතිවේදීන්ගෙන් විමසීමකදී මාහට පෙන්වා දුන්නේය. එවිට ගෝතා – බයට රජ සැප විඳින්නට සිදු වන්නේ අරලිය ගහ මන්දිරයේ නොව කැලිෆෝනියාවේ හෝ චිකාගේ වල මහා සිර මන්දිරයකය.

ශ්‍රී ලංකාවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය අනුවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැක්කේ ශ්‍රී ලාංකික පුරවැසියෙකුට පමණි. (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව – 31 වැනි ව්‍යවස්ථාව පළමු වැනි වගන්තිය) මෙහි පුරවැසියෙකු යන්න පැහැදිලිව නිර්වචනය කර ඇත. එමෙන්ම ගෝතා වැනි මිලේච්ඡ මිනිමරුවෙකුට රට භාර දීමට තරම් මේ රටේ මිනිසුන් මැරිලා ඉපදුනේ නැත.

මේ අනුව විවිධ ගරිල්ලා මාර්කටින් ක්‍රම මගින් රට්ටු අන්දවන ගෝතා – බයට අමෙරිකානු නීතිය හා ලංකාවේ ව්‍යවස්ථාව ඇන්දවිය නොහැකි බව රාජපක්ෂ බයියන්ගේ පහන් සංවේගය උදෙසා කල් ඇතිවම මෙසේ සටහන් තබනු කැමැත්තෙමි.

මලිත් විජේනායක,
මාධ්‍යවේදී

71,497 Viewers 

No comments