Header Ads

test

GMOA වෛද්‍ය හොරුන්, මිනීමරුවන් ගුටිකෙළියක


වෛද්‍ය සභාවේ සාමාජිකයින් තෝරා ගැනීමේ නිලවරණයේ දී GMOA වෛද්‍ය නිලධාරීන් හා ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය හා ගුටි කෙලියක් පැටලේ....

අද දින මීට සුළු මොහොතකට පෙර වෛද්‍ය සභාවේ නිළවරණය පැවති අවස්ථාවේ රට හදන්නට කතා කරන වෛද්‍ය වෘත්තීය ප්‍රමිතිය ගැන මහා ඉහලින් කතා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නවීන්ද සොයිසා සහ ශෙනාල් ෆනෑන්ඩු ඇතුළු නිලධාරීන් වෛද්‍ය සභාවේදී ආරවුලක පැටලේ. මේ පිරිස වෛද්‍ය සභාවේ වියත් වැඩිහිටි වෛද්‍යවරුන් හා ගැටෙමින් පරුෂ වචන භාවිතා කරමින් ඉතා අශෝභන ලෙස කලහාකාරී ලෙස හැසිරෙන ආකාරයට විරුද්ධ වූ ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ පාර්ශවයෙන් දැඩි විරෝධතාවයක් එල්ල කර ඇති අතර එම අවස්ථාවේ ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු ශෙනාල් ෆනෑන්ඩෝ ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කහදූව අවවාද කර ඇත.එම අවස්ථාවේ වෛද්‍ය ශෙනාල් වෛද්‍ය කහදූවට ප්‍රහාර එල්ල කිරීමට යාමේදී ප්‍රකෝප වූ ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් හා අනෙකුත් සියළු වෛද්‍යවරුන් වෛද්‍ය ශෙනාල් පහර දී ඇති අතර බිම ඇද වැටුණු ඔහු වෛද්‍ය තුසිත කහදූවට වඳිමින් දිව ගොස් ඇත. අනෙකුත් වෛද්‍යවරුන්ද එල්ල කල දැඩි ප්‍රහාර හමුවේ පහර කෑ GMOA වෛද්‍යවරු හිස් ලූ ලූ අත පලා ගොස් ඇති අතර මෙවන් නිලධාරීන් වෛද්‍ය වෘත්තීයේ ප්‍රමිතිය ගැන පාරම්බාමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් රඟපාන්නේ ඇත්තටම වෛද්‍ය වෘත්තීය ගරුත්වය ආරක්ෂාව පිණිසද නැතහොත් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ද යන්න අප දෙවරක් සිතා බැලිය යුතුය.

37,441 Viewers

No comments