Header Ads

test

"කව්ද මේ දේශප්‍රේමියා "


මේ රටේ පුද්ගල වන්දනාවේ යෙදෙන මිනිසුන්ගේ තවත් එක පිළිමයක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ගේ නමද ඉහලින්ම දිස්වේ. මුහුණු පොත තුලද විටෙක අපි ගෝටා සමග යයි තමන්ගේ ප්‍රොෆයිලයේ පට්ටමට ද සකසා තිබෙනු දුටුවෙමු. මහත් උත්කර්ෂයට නංවා කතා කරන ගෝටා යනු කවරෙක්ද ?
මුලින්ම ගෝඨා පිළිබඳව පොත් ලියමින් යුද්ධය ඔහුගේ අතින් නිමවූ විශ්ව කර්මයක් ලෙස සී. ඒ. ප්‍රේමචන්ද්‍ර ලා පෙන්වමින් වන්දිභට්ට සේවයේ නියැලුනේ අතමිට සරු කර ගන්නට බව තතු දත් අයට සැකයක් නැත. ඇත්ත ඊට වඩා හාත්පසින්ම වෙනස් භූමිකාවක් මේ රටේ යුද්ධය ඇවිලෙමින් තිබු යුගයේ දිස්විය. ඩෙන්සිල් කොබ්බෑකඩුව , විජය විමලරත්න, සරත් ෆොන්සේකා වැනි හමුදා නිලධාරීන් යාපනය කොටුව , මාන්කුලම් , වඩමාරච්චි වැනි සටන් බිම් වලදී ක්‍රියාන්විතයේ යෙදෙන විට ගෝඨාස් වෝර් හි ප්‍රධාන චරිතය දිවි රැකගැනීමට ඇමෙරිකාවට පලා ගියේය. නැවත ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර ගණනාවකට පසුව තම අයියන්ඩි ගේ ජනපති පදවි ප්‍රාප්තියෙන් පසුව පවුලේ සනුහරේට රටේ විවිධ තනතුරු බෙදන විටදීය.

මෙරට පාලකයන් හා උතුරේ ඉන්දීය රුකඩ ගෙන ගිය යුද්ධයේ අවසානය 2009 දී සටහන් විය. ඉන් පසුව යුද්ධයේ සැමරුම වෙනුවෙන් කේක් කපා ජය සතුට බෙදා ගැනීමේදී අද දවසේ යුධ වීරයා සේ බයිසන්වරු විසින් ඉහලින් ඔසවා තබන ගෝඨාභයට නොව කේක් ගෙඩිය කැපීමට ආරාධනා කලේ සරත් ෆොන්සේකාටය. කෙසේ නමුත් මිනිමුතු යට යන විට ගොමරිටි මතු වන්නාක් සේ යුද්ධයේ ජයග්‍රහණයේ සියලු ඵල අයියා මලෝ බෙදා ගෙන යෙහෙන් වැජඹුනේය. යුධ සමයේ පමණක් නොව යුද්ධයෙන් පසු කාලයේදීද ගෝඨාභය ගේ තනතුර දෙවෙනි වුයේ මහින්ද රාජපක්ෂ ගේ සක්විති රජුගේ ජවනිකාවට පමණි.
නොතිබුණු කීර්තියක් බලෙන් ආරෝපණය කර ගැනීමට යාමේදී ගෝඨා ගේ නම මෙරට මාධ්‍ය මෙන්ම දේශපාලන කරලියෙදීද පට්ටා ගසන්නට විය. රාජපක්ෂ කල්ලියේ දුර්ධාන්ත පාලනයට මෙන්ම ගෝඨා ගේ හොරකම් , මැරකම්, මිනීමැරීම් පිළිබඳව මුළු රටම දැන අවසන්ය. එය නොදන්නේ වත්මන් බලයේ සිටින ආණ්ඩුව පමණකි.. ඔහුගේ පුර්ණ මැදිහත්වීමෙන් සිදු වූ මිග්යානා මිලදී ගැනීමෙන් කල ඩොලර් මිලියන ගණනක ගසා කෑම වාර්තා කල ලසන්ත වික්‍රමසිංහ මරාදැමීය.එමෙන්ම කොන්ද කෙලින් තබාගෙන මාධ්‍යකරණයේ යෙදුනු උපාලි තෙන්නකෝන් , කීත් නොයාර්, පොද්දල ජයන්ත වැනි අය නොමරා මරා දැමුවේය. ඇවන්ගාඩ් සමාගම හරහා ඉපැයූ දැවැන්ත ධනස්කන්ධයට මෙන්ම එහි තිබු ආයුධ සංචිතයට සිදු වූ දෙයක් නැත. යුක්රේනයේ බෙදුම්වාදීන්ට තම මස්සිනා වූ උදයංග වීරතුංග සමග අවි සැපවූ බවට එකල වාර්තා විය. එම අවි කොටින්ගෙන් අත්පත් කරගත් අවි බව ඇමෙරිකානු තානාපති කාර්‍යාලයේ වාර්තා මෙන්ම විකිලීක්ස් වාර්තා පවා සනාත කළේය. ලලිත් -කුගන්- ප්‍රගීත් එක්නලිගොදලාට සිදු වූ දේ දන්නේ ඔහු වටා රොක් වී සිටි බුද්ධි අංශ හමුදා නිලධාරීන් පමණි. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රාජපක්ෂ කල්ලිය වෙනුවෙන් දුටු ගැමුණු රජුගේ කඩු සෙවීමට ගොස් කෝට්ටේ විහාරයක සාමනේර හිමිනමක් මරා දැමු පුද්ගලයා ලොවෙන් චුත කරලීමට දියත් වූ මෙහෙයුම අවසන් වුයේ තවත් රැඳවියන් 28 දෙනෙකු අමු අමුවේ ඝාතනය කරමිනි. එම චෝදනාවෙන් අද වන විට ගෝඨාභය ගැලවෙන්නේ මෛත්‍රී ගේ අනුහසිනි.. එපමණක් නොව රනිල්ගේ අනුහසින් සාගල, මලික් වැනි දුශිතයන්ද රාජපක්ෂලා රකිමි සිටිති. අද වන විට එදා ජනවාරි 8 හැට දෙලක්ෂයක් ජනතා පැතුම් වත්මන් ආණ්ඩුව අමු අමුවේ විනාශ කරමින් සිටිති.

ගෝඨා ආරක්ෂක ලේකම් තනතුර හොබවන විට මෙරට ආරක්ෂක හමුදා සම්පුර්ණයෙන්ම දේශපාලනීකරණයට නතු කළේය. තමන්ට හිතවත් පිරිස් පමණක් තරු පටි පළඳවා ඉහලට ගෙන ආ අතර , උතුරේ යුද්ධයේදී තීරණාත්මක වැඩ කොටසක් කල ජානක පෙරේරා වැන්නන්ට දී තිබු ආරක්ෂාව පවා ඉවත් කරනු ලැබුවේ ඔවුන්ගේ දේශපාලනයට එරෙහි වීමේ වරදටය අවසානයේ කොටි සංවිධානයේ පහසු බිල්ලක් බවට දේශප්‍රේමී රාජපක්ෂ රජයේ සිටි ජානක පෙරේරා පත් විය. තම බලය කෙතරම් ලොවට විදහා පෑවේද යන් ප්‍රදර්ශනය කල එක් සිදුවීමක් වුයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානාවක් තම නිවසට අවශ්‍ය සුරතල් බලු පැටියෙකු රැගෙන ඒමට ස්විට්සර්ලන්තයේ සුරිච් නුවරට යැවීමේ සිද්ධියයි. ෆෙඩ්රිකා ජෑන්ස්‌ මේ බව හෙළි කරන විට ඇයට රටින් පිටවී ජීවිතය ගලවා ගැනීමට සිදු විය. මේ රටේ ජනතාව සතු මුදල් මිලියන සිය ගණනින් යොදවා තම දෙමාපියන්ට සොහොන් කොත් බැඳීමට තරම් අවම ලජාවක් හෝ මේ මිනිසුන්ට නොතිබුණි.

ඉහත සඳහන් වැරදි ගණනාවකට එරෙහිව නීතිය හමුවට ගෙන ඒමට පමණටත් වඩා සාක්ෂි හා කරුණු ගොනු වී ඇති මොහොතක , ගෝඨාභය අත්අඩංගුවෙන් වැළකීමේ අණක් මහා උසාවියෙන් ලබා දීමට වත්මන් රජය අනගි සහයක් දෙනු ලැබීය. මේ වන විට රාජපක්ෂ පවුල් දේශපාලනයෙන් ව්‍යුක්තව වෙනම ගමනකට සැරසෙන ගෝඨාභයගේ ගජ මිතුරා මෙන්ම එකම ගැලවුම්කාරයා බවට පත්ව සිටින්නේ එදා මැතිවරණයෙන් පරාජය වූවානම් අඩි 6 ක් පොලොව යට සැතපීමට බලා සිටි සිරිසේන පමණක් නොව එදා මැතිවරණ වේදිකා වල මුළු මහත් ජනතාව ඇන්දවු රනිල්ලාය.  දැන් මැදමුලනින් පොලොන්නරුවට පිල් මාරුකළ කපටි නරියෙකු ගේ භූමිකාව රඟ දක්වමින් සිටි. ඒ 2020 ජනපතිවරණ හා මහමැතිවරණ සටන සඳහා සිරිසේන සමග එකතු වී අගමැති පුටුවේ වාඩි වීමේ සිහිනයටය. ( තදින් සිනා ) මේ බව ඉවෙන් මෙන් වටහා ගත් මහින්ද ගේ අතිජාත මිතුරා වන රනිල් හරහා ගෝඨාභය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කලේ ඔහුගේ අනාගත දේශපාලන සිහිනය සුනු විසුනු කර දැමීමේ අරමුණනි.ඊට පෙර ගෝඨාභය ඉක්මන් වූ අතර , සියල්ල අතහැර මේ වන විට ඇමෙරිකාවේ බොස්ටන් නගරයේ ඩඩ්ලි රාජපක්ෂ ගේ නිවසේ රැඳී සිටි. ඉදිරියේ දී පොහොට්ටුව ලබන දේශපාලන පරාජයත් සමග එහි කෙරුම්කාරයින් මෛත්‍රී වටා එක්රැස් වීමෙන් අනතුරව නැවත තම අයියා ජනපති වීමෙන් මෙරටට පැමිණි ආකාරයෙන්ම යලි වඩිනු ඇත.


79,187 Viewers

No comments