Header Ads

test

සමාජ සුබසාධනය, සංගක්කාර සහ අපි


සංගක්කාර ඒ හාදයගෙ බිරිඳට ලක්ෂ 38ක අතුරුපසක් කැව්වාය කියලා විස්සෝප වෙන මානව හිතවාදයේ ගෝලීය පරමාදර්ශයන් විදිහට තමන්ගෙ ජීවිතේ ගත කරපු අසහාය මිනිසුන් රැසකගෙ හිත් රිදිලා තියෙනවා. ඔවුන්ට අනුව සංගක්කාර සිය බිරිඳට ඒ දුන්න අතුරු පස වෙනුවට අර පරමාදර්ශි චරිත යෝජනා කරන "ලෝකය සුන්දර තැනක් කිරීම" සදහා ඒ අය හිතාගෙන ඉන්න ටු ඩූ ලිස්ට් එකේ ඒවා ටිකක් කලා නම් ඒ අය සංගක්කාරට ගොඩාක් ස්තූතිවන්ත වෙයි කියලා මම හිතනවා.
පෞද්ගලිකව ෆේස්බුක් මාධ්‍යයට එන්න කලින් අවුරුදු කාලෙට අවුරුදු උත්සව වෙනුවෙන් දන්සැල් කාලෙට දන්සැල් වෙනුවෙන් අපි යම් යම් මුදලක් පරිත්‍යාග කරලා තියෙනවා. ඉද හිට පාරෙ යන හිගන්නෙකුට කන්න ටිකක් දීලා කීයක් හරි අතට දීලා තියෙනවා. හැබැයි දැන් මම ඒ ටිකවත් නොකර ඉන්න තැනට හිත හදාගෙන ඉන්නවා. ඇයි එහෙම?
සංගක්කාර කාල ඇදලා ඉන්න ඌ හම්බ කරන සල්ලි වලින් ඌ මේ රටේම ඉන්න හිඟන්නන්ට කන්න අරන් දෙන්න ඕන සහ රටේම ඉන්න දුප්පත් ලමයින්ට පොත් අරන් දෙන්න ඕන කියන ගොන් මතවාදය උඩදාගෙන ඉන්න මෝඩ හරක් අනියමින් ඒ කරන්නේ මේ රටේ පාලකයින්ගෙ දේශපාලන ව්‍යාපෘතියක්. නීත්‍යානුකූල ක්‍රමේකින් උඹලා හම්බ කරන සල්ලි වලින් 60% එහා බදු විදිහට රජයට ගෙවලා ඒ රජය විසින් කරන්න ඕන සුබසාදනේ ඉතුරු 40%නුත් කරන්න යන්න තරම් මගෙ පුකේ නම් දැන් ඉත්තෑවො දුවන්නේ නෑ.
මේ ස්ටේටස් එකෙන් පස්සේ උඹලා මම මාර ආත්මාර්ථකාමියෙක් විදිහට සළකයි. කුහකයෙක් විදිහට සළකයි. ඒකට මට කිසිම අවුලක් නෑ.
මිනිස්සු විදිහට අපි ආණ්ඩුවට බදු ගෙවලා අපේ වගකීම ඉෂ්ට කරනවා. හැබැයි රජය හරියට වගකීම් ඉෂ්ට කරන්නේ නෑ. එහෙමයි කියලා රටේම ඉන්න උන්ගෙන් එකතු කරලා ලමයින්ට පොත් පත්, පෑන් පැන්සල්, ඉස්කෝල බිල්ඩින්, පෙට් ඉස්කෑනර් ගන්න තැනට අපි පත් වෙන්න ඕන නෑ. ජනාධිපතිට අගමැතිට එකක් කෝටි 30 ගාණේ කාර් 4ක් ගේන්න සල්ලි තියන රටක කෝටි 20ක ස්කෑනරයක් ගන්න කුලී වැඩ කරන මිනිහෙක් සල්ලි දෙන්න ඕනෙද? ඒක එහෙමද වෙන්න ඕන?
හදිසි ආපදාවකදි ගෙවල් දොරවල් විකුණලා හරි අපි අපේ රටේ මිනිස්සු බලාගමු. අපේ දරුවෝ ටික රැකගමු. හැබැයි ඒක පුරුද්දක් හැටියට කරන්න අපිට බෑ.
අපේ උන්ගෙ මේ සමාජ සේවා වැඩි වෙලා අපේ හු&න ආණ්ඩු උන්ගෙ වගකීම් වලින් කර ඇරලා ඉන්න පුරුදු වෙලා තියනවා වගේම ආතල් එකේ හොදට හු&කලා ලමයි 5ක් 6ක් හදාගෙන කන්න නෑ කියලා අඩලා රටේම ඉන්න උන්ගෙන් ආධාර ඉල්ලන හිගන ජනසමාජයක් අපි නිර්මාණය කරගෙන තියෙනවා. දැන් අපි ඒක වෙනස් කරන්න ඕන.
සංගක්කාර තමන්ගෙ හැකියාවෙන් ක්‍රිකට් ගහලා සල්ලි හොයනකොට කසිප්පු ගහලා හිඟන්නො වෙච්ච පවුලක ලමයි බලාගන්න එක සංගක්කාරගෙ රාජකාරියක් නෙමෙයි. ඒක ආණ්ඩුවෙ රාජකාරියක්. ඒක ආණ්ඩුවට කරන්න දෙන්න. එයාලා කරන්නේ නැත්නම් පාරට බැහැලා කරවගන්න. ඒක සංගක්කාර කරලා දෙනකන් ඉන්න එපා.
රටේ මිනිස්සු ඒ මිනිස්සුන්ගෙ හැකියාවල් වලින් දක්ෂතා වලින් හම්බ කරපු සල්ලි වලින් උන්ගේ ගෑනු, දරුවෝ, පවුලේ උන් එක්ක සන්තෝසෙන් ඉන්නකොට, සුඛෝපභෝගීව ඉන්නකොට ඒවට ඉරිසියා කරන්න යන්න එපා. ඒවා පහත් වැඩ.
සංගක්කාරගෙන් ඉල්ලන එක අවුලක් නෑ කියමුකෝ. මේ දහ අතේ දගලලා දගලලා අපි හම්බ කරගන්න තුට්ටු දෙකටත් කෙලවෙන්න ජාත්‍යන්තර මට්ටමේ සමාජ සුභසාධන ව්‍යාපෘති උස්සගෙන පස්සෙන් එන උන්ට මට කියන්න තියෙන්නේ අපේ ගෙදර හදලා දීලා, වෙඩින් එක ගන්න සල්ලි ටිකක් දෙන විදිහෙ "අසරණ ෂේන්ට සරණක් වෙමු" වගේ වැඩක් සංවිධානය කරපල්ලා... ඒක ජාති ජාති මහත්පල මහානිසංස දෙන පුන්‍යකර්මයක්..!
අම්මෝ ඒ සල්ලි වලින් අසරණ ළමයින්ට පොත් අරන් දෙන්න කියන මානව හිතවාදී අසහාය ජනනායකයින්ට පුලුවන් එයාලා බස් එකේ යන සල්ලි වලින් දුප්පත් ළමයින්ට විස්කිරිඥ්ඥා අරන් දීලා ඒ දුර පයින් යන්න.
හැබැයි අපෙන් සල්ලි ඉල්ලන්න එපා. සංගක්කාරගෙන් ඉල්ලන්නත් එපා.


98,988 Viewers

No comments