Header Ads

test

ඌවේ මහා ඇමති නැවත වැඩ අරඹයි... අසරණ විදුහල්පතිනිය මානසික රෝහලේ....


ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඉදිරියේ දණ ගැස්වූ බව කියන බදුල්ල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරිය පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇති වුනා.

කෙසේ වෙතත් මෙම සිදුවීමට අදාළ විදුහල්පතිනිය අද (21) දහවල් කාළයේ පොලිස් ජීප් රථයක නංවාගෙන නැවතත් ප්‍රධාන 
අමාත්‍යවරයාගේ නිවසට ගෙන ගොස් තිබෙන බව පාර්ලීමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා.

ඉන් අනතුරුව ඇයව පොලිස් ජීප් රථයේම නංවාගෙන බදුල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ගෙන ගොස් , මේ මොහොතේ (13;30)  වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබෙන බවයි එම ස්ථානයේ සිටින පාර්ලීමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් වැඩිදුරටත් පවසා සිටියේ.

මේ පිළිබදව පාර්ලීමේන්තු මන්ත්‍රීවරයා අපට දැක්වූ අදහස් පහතින් ,



44,667 Viewers

No comments