Header Ads

test

යහපාලනය ඉවරයි. භාරකාර ආණ්ඩුවක්....


බැදුම්කර කොමිසම නිසා ආර්ථික ඝාතකයන් අතටම හසුවී ඇති බවත් රටට දැන් ඕනෑ භාරකාර ආණ්‌ඩුවක්‌ බවත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා පවසයි.

දිවයින පුවත්පත සමග අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

දැන් මේ ඇතිවී තිබෙන්නේ 2015 ජනවාරි 8 තිබුණු තත්ත්වය නෙමෙයි. 
ආර්ථික, සමාජීය, සංස්‌කෘතික හා දේශපාලනික වශයෙන් ඒ සන්දර්භයේ වෙනසක්‌ ඇතිවෙලා තිබෙනවා.

ඒ තත්ත්වය තුළ රාජ්‍යකරණය පිළිබඳ අලුතින් සිතාබැලිය යුතු බවයි මගේ අදහස. මම හිතන්නෙ 19 වැනි සංශෝධනය හරහා මින් ඉදිරියට හැදෙන ආණ්‌ඩුවල සභාග ගොඩනැඟීමට කවුරුත් බලකරාවි. ඒක නවත්වන්න බෑ.

19 වැනි සංශෝධනයේ ස්‌වරූපයම එයයි. එහෙමනම් මේ අලුත් සභාගය රටට හොඳ දෙයක්‌ කරන්නට අපි පරිවර්තනය කරගත යුතුයි. 2001 – 2002 සමයේ තිබුණු පරිවාස ආණ්‌ඩුවක්‌ වගේ සියල්ලෝම එකතුකරගෙන රටේ අද උද්ගතවී තිබෙන සමාජ, ආර්ථික දේශපාලන ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබාදිය හැකි භාරකාර ආණ්‌ඩුවක්‌ අද රටට අවශ්‍යයි.

කවර නමකින් හැඳින්වුවත් සියලුම පක්‌ෂවල සහභාගිත්වයෙන් හා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එවැනි භාරකාර ආණ්‌ඩුවක අවශ්‍යතාව දැන් ඇතිවී තිබෙනවා.

ගිවිසුම ඉවරයි දැන් කළ යුත්තේ කුමක්‌ද කියන ප්‍රශ්නය පෙබරවාරි 10 ලැබෙන ජනතා තීන්දුවෙන් පසු නිසැකවම මතුවෙනවා. එය මඟහරින්න බෑ. එය තීරණය වන්නේ ලැබෙන ඡන්ද ප්‍රමාණය අනුවයි. මම හිතනවා ඒ ලැබෙන ඡන්ද ප්‍රමාණය දෙස බලන විට කාටත් අලුතෙන් හිතන්න වේවි.

Divaina

58,492 Viewers

No comments