Header Ads

test

Facebook සහ වත්මන් අනාගත ශ්‍රී ලාංකික තරුණ පරපුර


facebook සමාජ සබඳතා තර කිරීමට මෙන්ම බිඳ දැමීමට ද හේතුවන බව අපි කවුරුත් හොදින් දන්නා කරුණකි. එහි ඇති වාසි සහ අවාසි අපි අමුතුවෙන් ඉගෙන ගත්ත යුතු නැත වර්තමානයේ ශ්‍රී ලාංකික තරුණ පරපුර මෙන්ම මැදිවියේ ්‍රජාවද facebook හොඳින් පරිහරණය කිරීමට පෙළඹී ඇත. ෆේස්බුක් පිටු දහස් ගාණක් ලක්ෂ ගාණක් ලංකාවේ දැනට ්‍රියාත්මක වෙමින් පවතී. ඒවායින් රටේ මිනිස්සුන්ගේ යහපතට ආකල්ප වැඩිදියුණු කිරීමට ජීවිතය ජීවන රටාව යහපත් කරගැනීමට මිනිසුන්ට උදව් වන ෆේස්බුක් පිටු සුළුතරයක් නැතුවාම නොවේ. නමුත් බහුතරයක් ෆේස්බුක් පිටු ඇඩ්මින් ලා ගේ අරමුණ තමන්ගේ ෆේස්බුක් පිටු ්‍රචාරණය කිරීම සඳහා ඕනෑම අසභ්‍ය අවිචාරවත් නොවැදගත් දේවල් තෝරා බේරා ගැනීමකින් තොරව පළකර තමන්ගේ බඩ වඩා ගැනීමයි. මෙහිදී මා දුටු පෝස්ට් කිහිපයක් පිළිබඳව සැලකූවිට ඒවා හාස්‍ය උත්පාදනය ට නිර්මාණය කර ඇති බව බැලූ බැල්මට පෙනේ. නමුත් මෙහිදී තරුණ පරපුර අදහස් ආකල්ප මොට කිරීමට මෙන්ම මානව සබඳතා දුර්වල කිරීමටත් අලුතින් සිතීමේ හැකියාව දුර්වල කිරීමටත් බලපෑම් කරන බව සැලකිය යුතුය මවුපිය පදවිය ලැබීමෙන් පසුව දරුවන්ටත් වඩා බොළඳ වන සමාජයක් පිළිබඳව සිතිය හැකිද? දරුවන්ගේ සෙල්ලම් බඩුවලින් දරුවන්ට නොදී සෙල්ලම් කරන තාත්තලා අම්මලා දරුවන්ට හොරෙන් කෑම කන අම්මලා තාත්තලා මේවා අපි ාස්‍ය උපදවන නිර්මාණ ලෙස දුටුවයි මේවායින් වන හානිය ඊට වඩා වැඩි බව දැකිය යුතුය. අනාගතයේ මවුපියන් වන වගකීම බාර දූර උතුම් පදවිය හෑල්ලුවට ලක් නොකර සමාජයට සාර්ථකව මුහුණ මුහුණ දෙන ආකාරය ජීවිතය ය ගන්නා ආකාරය තරුණ ප්‍රජාව අතර ට යොමු කරනවානම් එය සැබෑ මාධ්‍ය මෙහෙවරයි. නිරර්ථක දේවලට කාලය අපතේ නොයවා මිනිසුන්ගේ රසඥතාව දියුනු කරන නිර්මාණ ඉදිරිපත් කිරී වප්මට අපි සැම තීරණය කළහොත් සමාජයේ යහපත් වෙනසක් අපට ඇති කළ හැකිය