Header Ads

test

යහපාලනය දැයේ දරුවන්ගේ අධ්‍යපනයෙන්ද ගසා කයි. විශේෂ හෙළිදරව්ව දෙවැනි කොටස


අප පසුගිය කලාපයෙන් අනාවරණය කල පරිදි අධ්‍යාපන අමාත්‍යංශය විසින් උසස් පෙළ සිසුන් හට ටැබ්ලට් පරිගණක ලබාදීමේ අදාල ටෙන්ඩරයේ අක්‍රමිකතා රැසක් සිදුවූ බව වාර්තා විය.

එනම් රුපියල් බිලියන 2.6 කට වැඩි මුදලක් වැය කරමින් ඇමරිකා එක්සත් ජනපදයට පමණක් වලංගු වන සහතිකයක් පදනම් කරගෙන එක්තරා සමාගමකට එකී ටෙන්ඩරය පිරිනැමීමට ඔවුන් විසින් කටයුතු කර තිබීමයි. තවද මේ සඳහා ලංසු සැපයු සමාගම් වලට එකී තීරණයට තම විරෝධතා ගොනු කිරීමට දින 07 ක කාල සීමාවක් ලබාදී තිබු අතර එය පසුගිය ඔක්තෝබර් මස 25 වන දිනෙන් අවසන් විය.

ඒ අනුව මේ සඳහා ලංසු සැපයු ආයතන 10 අතුරින් 07 දෙනෙකු තම විරෝධතා ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත කර ඇති අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටු අභියාචනා මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. පසුව එම විරෝධතා සැලකිල්ලට ගත් අභියාචනා මණ්ඩලය විසින් එකී කරුණු විමර්ශනය සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් වෙත යොමු කරන ලදී. එකී සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් රජයේ ජේෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු වන K.A.S. ගුණසේකර මහතා සභාපති ලෙසද, ලලිත් R. සිල්වා සහ A.D.S. ගුණසේකර මහත්වරුන් සාමාජිකයන් ලෙස කටයුතු කල අතර ඉදිරිපත් කල තිබු අභියාචනා විමර්ශනය සදහා ඔවුන් විසින් අභියාචනාකරුවන් හට පසුගිය නොවැම්බර් මස 16 වන දින ලබාදී තිබුනි.

එකී විමර්ශනය සදහා අභියාචනා ඉදිරිපත් කල සියලු ලංසුකරුවන් සහභාගී වූ අතර එහිදී අනාවරණය වූ සුවිශේෂී කාරණය වනුයේ ඔවුන් සියලුදෙනා විසින් තම අභියාචනා ඉදිරිපත් කර තිබුණේ අප පෙර සඳහන් කල එකී ටැබ්ලට් පරිගණක පිරිවිතරයේ සඳහන් වූ ඇමරිකා එක්සත් ජනපදයට පමණක් අදාල සහතිකය (FCC) පදනම් කරගෙන ඔවුන් සියලුදෙනා තාක්ෂණික ඇගයීම් වාර්තාවෙන් ඉවත් කිරීමට විරුද්ධවයි. තවද විමතියට තුඩුදෙන කරුණුවනුයේ එකී සමාගම් සියල්ල අදාල ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් ඇති සමාගම් වන අතර ඔවුන් සියලුදෙනා විසින් සැපයු ටැබ්ලට් පරිගණකවලට අදාල සහතිකය නොමැතිවීමයි. එනම් එයින් ගම්‍යවන කාරණය වනුයේ අධ්‍යාපන අමාත්‍යංශ තාක්ෂණික කමිටුව විසින් පිරිවිතරයෙහි ඉල්ලා ඇති එකී සහතිකයේ යම් කිසි ගැටලු සහගත තත්වයක් පවතින බව සහ එකී සහතිකය අදාල ටැබ්ලට් පරිගණකයට අත්‍යවශ්‍යම සාධකයක් ද යන්නයි. තවද එම සහතිකය ඔවුන් විසින් ටෙන්ඩරය ප්‍රධානය කිරීමට තෝරාගෙන ඇති METROPOLITAN සමාගම විසින් මෙරටට ගෙන්වන ටැබ්ලට් පරිගණක වලට පමණක් තිබීමද මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය කෙරෙහි යම් ගැටලුකාරී තත්වයක් ඇති කරයි.

මෙලෙස ලංසු කරුවන් හට ඇති ඉහතින් සඳහන් කල ගැටලු වලට සාධාරණයක් ඉටුකරගනිම ඔවුන් විසින් අභියාචනා මණ්ඩලයට එදින තම ගැටලු ඉදිරිපත් කල අතර එකී ත්‍රිපුද්ගල විමර්ශන කමිටුව ඒ දෙස සාවධානයෙන් ඇහුම්කන් නොදීම සහ ඔවුන් හට එකී ක්ෂේත්‍රයේ ඇති පළපුරුද්ද ගැන අභියාචනාකරුවන් හට මේ වන විට මහත් සැකයක් මතුව ඇත. එය තවත් අකාරයකින් විග්‍රහ කළහොත් අදාල අමාත්‍යංශයෙහි පැවැති විමර්ශන වාර්තා ඍජුව නැවත ඔවුන් වෙතම ලබාදී අදාල කරුණු විමසා අවසාන වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ලබා දීමට කටයුතු විමර්ශන කමිටුව විසින් සිදු කිරීමය. එහිදී ඒම වාර්තා වල නිරවද්‍යභාවය පිළිබද ගැටලු පැනනගින අතර එනම් අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති කාර්යාලයහි පිහිටුවා ඇති එකී අභියාචනා මණ්ඩලයෙන් මෙවැනි මහා පරිමාණ අක්‍රමිකතා වලට අභියාචනාකරුවන්ට සාධාරණයක් ඉටුවනවාද යන්නයි.

මේ පිළිබද වැඩිදුර විමර්ශනයේදී අපට අනාවරණය කර ගත හැකිවූයේ සියලු ක්ෂේත්‍රයන්හි සිදුවන මෙවැනි අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට මෙම නිලධාරීන් තිදෙනා පමණක් යොදා ගන්නා බවත් ඔවුන් හට සියලු ක්ෂේත්‍රයන්හි පළපුරුද්ද නොමැති කමින් පසුගිය කාලවලදී ඔවුන් විසින් ලබාදී තිබු තීරණ සියල්ල සාධාරණ සහ අපක්ෂපාති නොවන බවයි. තවද එම නිසා රටේ මහජන මුදල් මහා පරිමාණයෙන් වංචා සහගතව අදාල අමාත්‍යංශ නිලධාරීන් විසින් අවභාවිතා කරන බවත්ය.

තවද මෙවැනි අක්‍රමිකතා විමර්ශනයේදී සිදුකලයුත්තේ අදාල විමර්ශන වාර්තා ස්වධින කමිටුවක් වෙත ලබාදී ඔවුන්ගේ අපක්ෂපාති තීරණය ලබාගැනීම වන අතර ඒමගින් දේශීය සැපයුම් කරුවන් දිරිමත් කිරීමය. එමනිසා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය ආරක්ෂා වන අතර දැනට රාජ්‍ය නිලධාරින් විසින් සිදුකරන වංචා දුෂණ බොහොමයක් අවම කරගත හැකි වනු ඇත.

දැනට පවතින අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටු අභියාචනා මණ්ඩල විමර්ශන කටයුතු සිදුකරන ක්‍රමවෙදය තුල රාජ්‍ය නිලධාරින් ඉතා සුක්ෂම ලෙස තම අභිමතාර්ථයන් සැපයුම්කරුවන් නොමග යවා සිදුකර ගන්නා අතර එය කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු හා සමානය.

මෙය නැවතුම නොවේ.විශේෂ හෙළිදරව්ව 03 ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලිපිගොනු  : Procurement of Free tabs to A/L Teachers and Students - ED/07/101/10/CF/2017/BP03

පසුගිය කලාපය : යහපාලනය දැයේ දරුවන්ගේ අධ්‍යපනයෙන්ද ගසා කයි. විශේෂ හෙළිදරව්ව පළමු කොටස