Header Ads

test

සංක්‍රාන්තික ලිංගිකයෝද මනුෂ්‍යයෝය


සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන් යනු ලිංගික ශ්‍රමික ව්‍යාපාරය තුළ වැඩියෙන්ම අතවරයට, අසාධාරණත්වයට ලක්‌වන පිsරිසය. ඔවුන්ට වඩා වෘත්තීය අනන්‍යතාවක්‌ කාන්තා වීදි ලිංගික ශ්‍රමිකාවන්ට ඇත. ඔවුන් මෙම වෘත්තියට යොමුවූ විශේෂ හේතුවක්‌ නැත. ඔවුන් සංක්‍රාන්තික ලිංගිකයන් වීමම මීට හේතු වී ඇත. ඔවුන්ගෙන් සමහරුන් හොඳ අධ්‍යාපනයක්‌ ලද අය නමුත් ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවය නිසා ඔවුන්ට මේ කොදෙව්වේ වෙනත් රැකියාවක්‌ කරන්නට ඉඩක්‌ නැත. සංක්‍රාන්තික ලිංගිකයන් සාමාන්‍යයෙන් අඳින්නේ පළඳින්නේ ස්‌ත්‍රීන් ලෙසය. ඔවුන් අතර ඉතාමත් සුන්දර යුවතියන් ලෙස හැඩ ගැහුණු අය ද සිටිති. ඉතාමත් අන්ත අසරණ ජීවිත ගතකරන සංක්‍රාන්තික ලිංගිකයන් සමාජයෙන් පමණක්‌ නොව අනෙක්‌ ලිංගික ශ්‍රමිකයන් හා ශ්‍රමිකාවන් අතින්ද බොහෝ විට කොන්වේ. ඔවුන් නිතර නිතර සමූහ දූෂණයට හා පර පීඩක කාමුකයන්ගේ අතවරයට ලක්‌වේ.
මේ ලොව ලෝක සම්මතයට අනුව හැම මනුෂ්‍යයකුම එක්‌කෝ ගැහැනු නැතිනම් පිරිමි විය යුතුය. ඒත් සොබාදහමට ලෝක සම්මතයෙන් වැඩක්‌ නැත. සොබාදහම මනුෂ්‍යයන් ස්‌ත්‍රීන් ලෙසට, පුරුෂයන් ලෙසට පමණක්‌ නොව සංක්‍රාන්තික ලිංගිකයන් ලෙසද නිපදවයි. එය සොබාදහමේ නීතියයි. සංක්‍රාන්තික ලිංගිකයන් ස්‌ත්‍රියක්‌ හෝ පිරිමියෙක්‌ ලෙස නොඉපදුණේ ඒ සොබාදහමේ නීතියට අනුවය. එය සංක්‍රාන්තික ලිංගිකයන්ගේ හෝ සොබාදහමේ වරදක්‌ නොවන්නේය. වරද ඇත්තේ මේ ලොව සියලුම මිනිසුන් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ ලෙස පමණක්‌ ඉපදිය යුතු බවත්, එසේ නූපදින කිසිම මනුෂ්‍යයෙක්‌ මිනිසෙක්‌ ලෙසින් සැලකිය නොහැකි බව සිතන කෲර අමානුෂික ලෝක මතය තුළයි.
එකී කෲර අමානුෂික නොදියුණු ලෝක මතය එකී අසරණයන්ට ජීවිතය හෝ මරණය තෝරාගන්නා ලෙසට බලකර ඇත. ජීවිතය තෝරා ගන්නා සංක්‍රාන්තික ලිංගිකයන්ට ලෝක මතය ඉතිරි කර ඇති එකම රැකියාව ලිංගික ශ්‍රමික වෘත්තියයි. ඒ නිසා ඔවුන් එම රැකියාව කිරීමේ වගකීම ඔබත් මාත් ඇතුළු සමස්‌ත සමාජයම අඩුවැඩි වශයෙන් භාරගත යුතුය.
සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන් යනු ලිංගික ශ්‍රමික ව්‍යාපාරය තුළ වැඩියෙන්ම අතවරයට, අසාධාරණත්වයට ලක්‌වන පිsරිසය. ඔවුන්ට වඩා වෘත්තීය අනන්‍යතාවක්‌ කාන්තා වීදි ලිංගික ශ්‍රමිකාවන්ට ඇත. ඔවුන් මෙම වෘත්තියට යොමුවූ විශේෂ හේතුවක්‌ නැත. ඔවුන් සංක්‍රාන්තික ලිංගිකයන් වීමම මීට හේතු වී ඇත. ඔවුන්ගෙන් සමහරුන් හොඳ අධ්‍යාපනයක්‌ ලද අය නමුත් ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවය නිසා ඔවුන්ට මේ කොදෙව්වේ වෙනත් රැකියාවක්‌ කරන්නට ඉඩක්‌ නැත. සංක්‍රාන්තික ලිංගිකයන් සාමාන්‍යයෙන් අඳින්නේ පළඳින්නේ ස්‌ත්‍රීන් ලෙසය. ඔවුන් අතර ඉතාමත් සුන්දර යුවතියන් ලෙස හැඩ ගැහුණු අය ද සිටිති. ඉතාමත් අන්ත අසරණ ජීවිත ගතකරන සංක්‍රාන්තික ලිංගිකයන් සමාජයෙන් පමණක්‌ නොව අනෙක්‌ ලිංගික ශ්‍රමිකයන් හා ශ්‍රමිකාවන් අතින්ද බොහෝ විට කොන්වේ. ඔවුන් නිතර නිතර සමූහ දූෂණයට හා පර පීඩක කාමුකයන්ගේ අතවරයට ලක්‌වේ.
සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන් සමාජයේ විවිධ සමාජ මට්‌ටම් නියෝජනය කරති. වීදි හා පැල්පත් සමාජයේ මධ්‍යම පන්තියේ සුපිරි පන්තියේ ද ඔවුන් දැකිය හැකිය. වීදි හා පැල්පත් සමාජයේ සිටින ලිංගික ශ්‍රමිකයන් එම සමාජයේම උපන් අය හා ඉහළ සමාජවලින් එම සමාජ මට්‌ටම්වලට පැමිණි පිරිස්‌ය. ඔවුන් රුපියල් 50 ක්‌ වැනි සුළු මුදලකට සිය ලිංගික ශ්‍රමය ලබා දෙන අවස්‌ථාද ඇත. පොදු වැසිකිළි සෙනඟ අඩු දුම්රිය ස්‌ථාන, ජන ශූන්‍ය ස්‌ථාන, ලඳු කැලෑ, පෙට්‌ටි කඩ, වෙරළබඩ කලාපයේ නම් වැටකෙයි ගාල්, ගල් ගුහා ආදී ස්‌ථානවල ඔවුන් තම සේවා සපයයි. පාතාල සමාජයේ සාමාජිකයන් අතින් ඔවුන් නිර්දය ලෙස දූෂණයට ලක්‌වෙයි. සංක්‍රාන්තික ලිංගිකයන් මධ්‍යම පංතියේද දැකිය හැකිය. නාගරික අර්ධ නාගරික මෙන්ම ග්‍රාමීය සමාජයේ ඔවුන් සිටිති. නාගරික සමාජයේ ලිංගික ශ්‍රමිකයන්ට ග්‍රාමීය සමාජයේ ලිංගික ශ්‍රමිකයන්ට වඩා වෘත්තීය අනන්‍යතාවක්‌ ඇති අතර ඔවුන් සාපේක්‍ෂව ඉහළ ආදායමක්‌ ලබයි. එමෙන්ම මෙම ලිංගික ශ්‍රමිකයන්ගෙන් සමහරෙක්‌ සාක්‍ෂරතාවයෙන් යුතු පිරිස්‌ය. ඉහළ මධ්‍යම පංතියේ නම් ඔවුන්ගෙන් සමහරෙක්‌ අන්තර්ජාතික පාසල්වල පවා අධ්‍යාපනය ලැබූ අයය. ඉහළ මධ්‍යම පන්තියේ ලිංගික ශ්‍රමිකයන් සාමාන්‍යයෙන් ඉලක්‌ක කරන්නේ ඉහළ මධ්‍යම පන්තියේ පිරිමින් හෝ සුපිරි පන්තියේ පිරිමින්ය. ඒත් ඔවුන් පහළ සමාජ මට්‌ටම්වල ඉතා කඩවසම් තරුණයන් සමඟ වුව සබඳතා පැවැත්වීමට අකමැති නොවෙති.
සුපිරි පැලැන්තියේ පවුල්වල ඉපිද සුපිරි පැලැන්තියේ අයටම ලිංගික ශ්‍රමය ලබා දෙන පිරිස්‌ද මේ සමාජයේ දැකිය හැකිය. ඔවුන් සමාජ ශාලා කැරොකේ ශාලා ආශ්‍රිතව ගැවසෙන අතර ඔවුන් සෑම විටම ඉලක්‌ක කරන්නේ සුපිරි පැලැන්තියේ අයයි. පහළ සමාජ මට්‌ටම්වල අය මෙන් නොව ඔවුන් පිරිසිදුව හා පිළිවෙළට ජීවත් වෙයි. ඉතාමත් මිල අධික ඇඳුම් පැළඳුම් සුවඳ විලවුන් ඔවුන් භාවිත කරයි. එමෙන්ම ඔවුන් වාචාල ලෙසවත් අශීලාචාර ලෙසවත් නොහැසිරෙන අතර ඇසක්‌ ගසා හෝ තොල සපා තම සේවාදායකයාව දැනුවත් කරති. ඔවුන් සාමාන්‍යයෙන් කිසිවිටකවත් පහළ සමාජ මට්‌ටම්වල අය සමඟ සබඳතා නොපවත්වති.
සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන්ගේ සේවාව ලබා ගැනීමට විවිධ පිරිස්‌ පැමිණෙති. සමලිංගික පුරුෂයන්, පර පීඩනයෙන් විකෘති ලිංගික ආශාවන් සහිත පුද්ගලයන් මුඛ සංසර්ගය ප්‍රිය කරන්නන්, පාතාල සාමාජිකයන්, විදේශිකයන් මෙන්ම කාන්තාවන්ද ඒ අතර වෙති.
සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන් වෙත පැමිණෙන පරපීඩක කාමුකයන් විකෘති කාමාශාවන් ඉහවහා ගිය අය ලෙස හැඳින්වූවාට වරදක්‌ නැත. ඔවුන් සංක්‍රාන්තික ලිංගිකයන් වෙතම යන්නේ මොන දේ සිදුවූවත් සංක්‍රාන්තික ලිංගිකයන් ගැන සොයා බලන්නට කෙනෙක්‌ නැති බව දන්නා නිසාය. පුරුෂ පාර්ශ්වයේ බොහෝ දෙනා මුඛ සංසර්ගය ප්‍රියකරන මුත් කාන්තාවන් බොහෝ විට පුරුෂයන් උදෙසා මුඛ සංසර්ගයේ යෙදීමට කැමැත්තක්‌ නොදක්‌වයි. කාන්තා ලිංගික ශ්‍රමිකාවක්‌ වෙත ගියද ඔවුන්ට ඒ සඳහා විශාල මුදලක්‌ ගෙවීමට සිදුවෙයි. ඒත් සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයෙක්‌ගෙන් අඩු මිලක්‌ ගෙවා එම කාර්යයන් කරගත හැකි නිසා මුඛ ලිංගික සංසර්ගයට ආශා කරන අයද ඔවුන්ගේ ශ්‍රමය ලබා ගනිති. පාතාල ලෝකයේ සාමාජිකයන් සියලු දෙනාම පාහේ අද කාලය වන විට නිල් චිත්‍රපට බැලීම නිසා විකෘති කාමාශාවන්ගෙන් යුක්‌තය. නිල් චිත්‍රපට ආශ්‍රයෙන් උගත් අසහනකාරී ලිංගික චර්යා, වේදනාකාරී, පීඩාකාරී හා අසාමාන්‍ය ලිංගික චර්යා ඔවුන් අත්හදා බලන්නට උත්සාහ කරන්නේ සංක්‍රාන්තික ලිංගිකයන් ගෙනි. සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන් ප්‍රිය කරන්නේ කුමන හේතුවක්‌ නිසා දැයි විමසූ විට එක්‌ පුද්ගලයෙක්‌ ඒ ගැන පවසා සිටියේ “කාන්තාවන්ගෙන් ලැබෙන්නේ සාම්ප්‍රදායික ලිංගික ආශ්වාදයක්‌. පුරුෂයන් සම්බන්ධයෙන් මගේ විශාල කැමැත්තක්‌ නෑ. ඒ නිසයි මම ඔවුන් වෙත යන්නේ. ඔහුගේ ප්‍රකාශය දෙස බැලූ විට පෙනී යන්නේ සාම්ප්‍රදායික ලිංගික සම්බන්ධතා, සමලිංගික සබඳතා ආදියෙන් ඔබ්බට ගිය ලිංගිකාශ්වාද සොයන පිරිස්‌ද සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන්ගේ සේවාව සොයා යන බවය. සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන්ගේ සේවාව ලබා ගන්නා පිරිස්‌ අතර විදේශිකයන්ද සිටිති. ලිංගික කාරණා සම්බන්ධයෙන් ඉතා විවෘත මනසකින් කටයුතු කරන බටහිර රටවල කාන්තා පුරුෂ දෙපාර්ශ්වයම ඔවුන්ගේ සේවාව ලබාගනිති. එමෙන්ම ඔවුන්ගේ ශ්‍රමය ලබා ගන්නා ශ්‍රී ලාංකික කාන්තාවන්ද ඉහත කී පිරිස අතර වෙති.
සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන් විවිධ ස්‌ථානවල සිට සිය රැකියාවේ යෙදෙයි. සමහර අය ස්‌වාධීනව කටයුතු කරති. දුරකථන අංක පොදු වැසිකිළිවල ලියා තමා පිළිබඳව සන්නිවේදනය කරති. ඔවුන් දුරකථන ඇමතුමක්‌ ලැබුණු වහාම ඒ අදාළ ස්‌ථානයට ගොස්‌ අවශ්‍ය සේවාව ඉටුකර දීමට හෝ ගනුදෙනුකරු තමන්ගේ තැනකට ගෙන්වා ගැනීමට නිතරම සූදානම්ය. තවත් අය හෝටල්, ස්‌පා, තානායම් ආශ්‍රිතව රැකියාව කරගෙන යති. සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන් වැඩි වශයෙන් ගැවසෙන්නේ වීදිවලය. ඔවුන් සාමාන්‍යයෙන් එක්‌ තැනක රැඳී නොසිට ඇවිදිමින් පාරිභෝගිකයකු සොයති. කාන්තා ලිංගික ශ්‍රමිකාවන් ඔවුන් දුටු සැණින් එලව එලවා පහර දෙන්නේ සංක්‍රාන්තික ලිංගිකයන් නිසා තමාගේ ගනුදෙනුකරුවන් අඩුවන බව ඔවුන් සිතන නිසාය.
සැලුන් හා රූපලාවන්‍යාගාර ආශ්‍රිතවද, වේෂ නිරූපන ශිල්පීන් විලාසිතා නිර්මාණකරුවන් ලෙසද සමාජයේ විවිධ වෙස්‌ ගනිමින් සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන් සමාජය තුළ ගැවසේ.
සංක්‍රාන්තික ලිංගිකයන් ලිංගික ශ්‍රමිකයන් වීමට විශේෂ හේතු නැත. එකම හේතුව ඔවුන් සංක්‍රාන්තික ලිංගිකයන් ලෙස උපත ලැබීමයි. ඒ නිසා ඔවුන් ලිංගික ශ්‍රමිකයන් වීමේ වරද භාරගත යුතුව ඇත්තේ සමස්‌ත සමාජයය. මිනිසෙක්‌ගේ ස්‌ත්‍රී පුරුෂභාවය තීරණය වන්නේ පියාගේ 23 වන වර්ණ දේහය මතය. සංක්‍රාන්තික ලිංගිකයන් ගැනද එසේමය. ඒ නිසා මිනිසෙක්‌ ස්‌ත්‍රීද පුරුෂ ද නැතිනම් සංක්‍රාන්තික ලිංගික ද යන්න තීරණය කරන්නේ පියා මිස මව නොවේ. එමෙන්ම එය මවගේවත් පියාගේවත් සංක්‍රාන්තික ලිංගිකයෝවත් වරදක්‌ නොවේ. එය ස්‌වභාව දහමේත් ජීව විද්‍යාවේත් සංකීර්ණ ස්‌වභාවයයි. ඒ නිසා සංක්‍රාන්තික ලිංගිකයෙක්‌ නිසාම ඔහුව සමාජයෙන් ඈත් කිරීම හෝ කොන් කිරීම සමස්‌ත මානව චර්යාවටම කරන නින්දාවකි. සංක්‍රාන්තික ලිංගිකයන් ගැන තබා ස්‌ත්‍රීභාවය හෝ පුරුෂභාවය ගැනවත් ලාංකීය සමාජයේ ලිංගික දැනුමක්‌ නැත. සංක්‍රාන්තික ලිංගිකයන්ට එවන් අසාධාරණයන් ඇතිවීමට මෙකී ලිංගික දැනුම අවම වීම හේතු වී ඇති බවට සංක්‍රාන්තික ලිංගිකයන් සම්බන්ධ සිද්ධීන් ගැන විමසා බැලීමේදී පැහැදිලි වේ. දිනෙන් දින විද්‍යාත්මක දැනුම දියුණුවන ලෝකයක ජීව විද්‍යාව කියා පුරාවිද්‍යාව උගන්වන අධ්‍යාපන අමාත්‍යාංශයද, වික්‌ටෝරියානු සදාචාරවාදයෙන් විලි වසාගෙන අපේකමට තඩිබාන පුහු සදාචාරවාදීන්ද, අවුරුදු සිය ගාණක්‌ පැරැණි නීති කිසිවක්‌ සංශෝධනය නොකර රටේ මුදල් කාබාසිනියා කරන පාර්ලිමේන්තුවද සංක්‍රාන්තික ලිංගිකයන්ට වන අසාධාරණයට සෘජුවම වගකිව යුතුය. ඒ මොනවා වුවත් ඔබ එක දෙයක්‌ මතක තබාගත යුතුය. උපන්දා සිට මැරි මැරී ජීවත්වන නොමරා මරණ ඒ අසරණ ප්‍රාණීන් සියල්ලන්ම ඔබත් මාත් වැනි මනුෂ්‍යයන්ය.