Header Ads

test

ත්‍රස්තවාදීයා කවුද ?


සුද්දන් විසින් උන්ගේ ලොක්කනට ඔනේ විදිහට කරගන ගිය අපේ රට අපිට ඔනේ විදිහට කරන්නට ඉල්ලාගන අපි දැන් අර්ධ ශතකයක් ටත් එහා ගොස් ඇත , ලබන අවුරුදට 70 වකි එත් අපේ උන් අවසානයේ අපට ඉතිරි කොට ඇත්තේ කුමක්ද ඉන් අඩකටත් වැඩි කාලයක් අපි ගෙවා දමා ඇත්තේ අපේම උන් සමග මරාගැනීමට නොවේද ,මේ කෙටි කාලය තුල ලංසින් ,පරංගින්, ඉංගිරිසින් මරාදැමුවාට වඩා ප්‍රමානයක් අපි අපිම මරාගෙන නැතිද ? ඉන් වැඩිහරියක් දකුණේ ත් උතුරේත් අපේ රටට අයත් ජව සම්පන්න තරුණයෝ නොවෙත් ද ?

එපමන්ක් නොව එ අපිට අහිමිවුනු තරුණ පරම්මාරවන් අපි නිර්වචනය කරගන්නේ කාගේ වචන වලින්ද ? හොදින් බලන්න අපේ රටේ සියලු සන්නධ විය්‍යාපරයන් හී පහල කාඩර් වරු කවුරුන්ද ,එපමනක් නොව අපේ හාමුදාවන් හී බහුතර ය කවුරුන්ද ? ඔවුන්ගෙන් අතී බහුතරය අපේ දිලිදු ග්‍රාමීය දෙමෝපියන්ගේ දරුවන්‍ ය ,ඔවුන් ගේ අපේක්ෂා ව කුමක්ද ? තමන්ගේ ජිවිතය පුදා හෝ අනාගතයට යහපත් ලෝකයක් තනාදීමය , උතුරේත්, දකුනේත් අපේ හමුදා වලත් , තමන්ට මාහා මන්දීර යක් , කෝටී 200 ය 300 වටිනා වාහනයක් , දරුවන්ට විදෙස් අධ්‍යාපන යක්, අති සුකෝපබෝගී ජීවිතයක්, ඔවුන්ගේ අවී ගෙන සටන් කීරීම පිටුපස වීද ? ඔවුන්ගේ දේශපාලනය පිටුපස වී ද ? ( සන්නධ දේශපාලනයේ හරි වැරද්ද වෙනම කතා කරමු ) එහෙත් එසේ නොකර පසු ගිය 69 වසර තුල මේ ජව සම්පන්න බුද්ධි හා ශ්‍රම බලකාය සම්පුර්නයෙන්ම පාහේ තුරන් කොට අර කීයු අකාරයේ ජීවිත ගත කරන්නේ කවුද ?
මේ පහර චවුර දේශපාලකයන් අපට අත් පත් කර දී ඇත්තේ කුමක්ද , නාය යන කුනු කදු පරම් පරා ගනනකට ගෙවා නිම කල නොහැකි විදෙස් ණය , වසංගත රෝග , ලුම්පන් සමාජ, ….ඔබට ඔවුන් නිර්මාණ ය කොට ඇති ඔන තරම් දේවල් මතකයට ගත හැක, සුද්දන් මේ රට හැර යනවිට අපේ වන ගහනය 50°/. පමන විය. අපි රට ගත් පසු එය අති සාර්ථක අනදමින් 17 °/. දක්වා පහත බස්වා ඇත , රටක සංවර්ධනයට කැලෑ එලී කල යුතු නෝවේදැයි ඔබ විමසනු ඇත , එයත් අර තක්කඩි දේශපාලුවන්ගේ ම නිර්මාණ යකි , ජපානය තමන්ගේ මුලු බිම් ප්‍රමානයයෙන් ජනාවාස සදහා යොදාගන ඇත්තේ 20°/. පමනය ,ලොකයේ සතුටින්ම සිටින ජනතාවක් සිටින ආසියාතික රට ලෙස භුතානය තමන්ගේ වන ගහනය 72°/. සිට 2020 වන විට 80°/. දක්වා වැඩී කරගන යයි , 2000 දී 20 පමන වූ හමුදාවන් නොමැති රටවල් ප්‍රමාණය මේ වන විට 27 දක්වා වැඩී වී ඇත ඉන් බෝහොමයක් අපි වැනී කුඩා දූපත් රාජ්‍යන් ය.
අවසානයේ මේ පාදඩ ක්‍රමය වෙනස් කිරීමට අති පරාර්ථකාමී අරගල කල වුන් අපිට කැරලි කරුවන් හෝ ත්‍රස්තවාදින් වී ඇත. අප රට මේ සා වීශාල අඝාදයට ඇද දැමු රටේ සම්පත් තමන්ගේ සුක විහරනයට යොදාගත් කපටි දෙශපාලකයින් මහා විරයින් වී ඇත .දෙශප්‍රෙමින්, ජාති හිතේශීන් වී ඇත. අපි තවමත් පිටු දැකිය යුතු මේ හොර කැල උත්තරීතර කරමින් තමුන් වෙනුවෙන් නොව අනෙකා වෙනුවෙන් , ටයර් සැ වල දැවුනු, සයනයිඩ් කෑ , බොම්බ වලින් සුනු විසුනු උනු අපේ ම රටේ ඇතී අවංක තරුන පරම්පරාවක් ත්‍රස්තවාදී න් කරමින් සිටිමු.
ඇත්තරම රට කෑ ත්‍රස්තවාදී න් කවුද ?
මම ඉදුරාල කියමි ඔය අපි කියන කිසිම ත්‍රස්තවාදී යෙක් මේ රටේ දෙශපාලකයින් තරම් රට විනාශ කොට නැත.

No comments