Header Ads

test

මාධ්‍යවේදී ලසන්ත ඝාතකයා කොටු වෙයි.


පසුගිය රාජපක්ෂ රෙජීමයේ සුදු වෑන් ඝාතක කල්ලිය හා එහි  අණ දෙන්නා කවුරුන්ද යන වග මේ රටේ උසාවියට නොපෙනුනද , පොඩි දරුවෙකු වුවද දන්නා ප්‍රසිද්ධ කාරණයකි. රාජපක්ෂලාගේ සාටක ලේන්සුවේ රක්ත වර්ණයෙන් ඇත්තේ කුරහන් සුවඳ යැයි පුන පුනා කීවද , ඇත්ත වශයෙන්ම කුණු ලේ පැහැයට හැරවී ඇත්තේ  මිනිස් ජීවිත වල අවසන් හුස්ම පොද පිහිදා ගත් ලේ පැල්ලම් වල එකතුවෙනි.  ජුලම්පිටියේ අමරේලා, මෙන්ම අනුර සේනානායකලා වැනි පොලිස් නිලධාරීන් මෙන්ම හමුදා බුද්ධි  අංශවල නිලධාරීන් යම්  දිනක සත්‍ය හෙළිදරව් කලහොත් මේ මහත්වරුන්ගේ වෙස් මුහුණු ගැලවෙනු ඇත. 

"කවුද ලසන්ත වික්‍රමතුංග කියන්නේ? මේ අසන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය. ඉන්පසු වියරු සිනහවක් පාන ගෝතා + බය ඉන්පසු කියන්නේ හැමතැනම ඝාතන සිදුවන බවයි. නැවත වරක්… කවුද මේ ලසන්ත කියන්නේ ?  ඔහු ටැබ්ලොයිට් පත්තරකාරයෙක්…. ඇයි මේ මිනිස්සු එක මනුස්සයෙක් ගැන මෙච්චර කම්පා වෙන්නේ… කවුද මේ ලසන්ත ? කියන්න මොකද්ද ලසන්තගේ තියන වැදගත්කම…යලි ඔහු වියරුවෙන් අසයි…. ධාමරික මිනීමරුවෙකු වුවත් ප්‍රසිද්ධ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී මිනිස් ජීවිතයක අගය අවතක්සේරු නොකර කතා නොකරනු ඇත. නමුත් ගෝතා + බය… සිත සිටින්නේ තමන් කාටවත් බය නැති බවයි. 

ගෝඨාභයට ලසන්ත මැස්සෙක් මදුරුවෙක් වුවද , ලසන්ත වික්‍රමතුංග අප දකින්නේ  ගෝඨාභය විසින් කල ඩොලර් මිලියන ගණනක මිග්යානා ගණුදෙනුව හෙළිදරව් කල මිනිසා ලෙසත්  ඒ වෙනුවෙන් වෙඩි කා මල මිනිසා ලෙසය. ලේ පිපාසිතයෙකු වූ ගෝඨාභය වැනි මිලේච්ඡ මිනීමරුවන් තවමත් නිදල්ලේය. යහපාලනය ඔහුව රකියි. අපේ රටේ මිනිසුන්ට සත්‍ය හෙළි කිරීමට ගිය පෑන ආයුධය කර ගත් මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු වන්නේ කවදාද ? 

කව්ද මේ ලසන්ත ආ ...






Youtube Link : https://www.youtube.com/watch?v=n5rGTIZN9Kg&feature=youtu.be

*. ඇමති රාජිතගේ විශේෂ හෙළිදරව්ව 



Youtube Link : https://www.youtube.com/watch?v=nvgkN59xwCs