Header Ads

test

කිරිඇල්ලගේ අධිවේගී කොමිස් ගැහිල්ලට උතුම් දළදා වහන්සේ උගසට තබයි!


උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගිය දිනෙක පාතදුම්බර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේ දළඳා වහන්සේ වන්දනාමාන කිරීමට එන බැතිමතුන්ගේ පහසුව සඳහා ඉදිකරන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කිරීම සඳහා විවිධ පුද්ගලයන් කටයුතු කරමින් සිටින බවයි. විටින් විට අමාත්‍යවරයා මේ ප්‍රකාශය කරනු අසන්නට ලැබුණ අතර  විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන විරෝධතා හේතුවෙන් ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන විදෙස් ආයෝජකයන් අධෛර්යයට පත්විය හැකි බවත් ඒ තුළින් මෙම ව්‍යාපෘතිය අතරමග ඇණහිටීමේ අවදානමක් ඇති බවද ඇමතිවරයා විටින් විට පවසයි.
රටක ආර්ථිකය හා ඉදිරි සංවර්ධන ඉලක්ක ජය ගැනීම හා රටේ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කොටගෙන රටක සංවර්ධන ව්‍යාපෘති සිදු කලයුතු පසු බිමක කිරිඇල්ල මේ ගොන් කතාව කියන්නේ ඇත්තටම ජනතාව මුලා කිරීමේ අරමුණ ඇතිව බවයි ජනතාව ලෙස අපට නම් හැඟී යන්නේ. එනම් මධ්‍යම අධිවේගය තනන්නේ දළදා වන්දනාවට යන වචනය පාවිච්චි කරමින් ඔහු සිංහල බෞද්ධ පදනමක සිට මෙම ව්‍යාපෘතිය සම්බන්ධව එල්ල වන කොමිස් හා අල්ලස් චෝදනා යටපත් කිරීමට ඔහු තැත් කරන බවනම් මානව පෙනේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අදියර තුනක් යටතේ සකස් කර ඇති අතර මේ වනවිට කිරිඇල්ල ඇමතිවරයාගේ අවශ්‍යතා අනුව පළමු හා දෙවැනි අදියර ඉදිකිරීම් පසෙක තබා තෙවැනි අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමට දැඩි උත්සාහයක් ගනිමින් සිටී. එයට හේතු වී ඇත්තේ පළමු හා දෙවන අදියර සඳහා ආයෝජනය කිරීමට එකඟව සිටි පාර්ශ්වයන් ඉන් ඉවත්වීම හේතුවෙනි.
පළමු අදියර සඳහා චීනය ආයෝජනය කිරීමට එකඟතාවය පළකර තිබූ නමුත් අපේ දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් චීනයේ එම අදහස වෙනස් වී තිබේ. එයට හේතුවී ඇත්තේ මීට පෙර චීනය විසින් ආයෝජනය කළ ව්‍යාපෘති අසාර්ථකවීම හා විරෝධතා එල්ල වීමයි. මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් සඳහා පරිසර වාර්තා සකස් කර නොමැති අතර චීනයේ අදහස වෙනස්වීමට එය ප්‍රධාන හේතුවක් වී ඇත.
දෙවැනි අදියර සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත්ව සිටින්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා ලංකා බැංකුවයි. ඇමරිකානු ඩොලර් බිලියන 200 ක් ආයෝජනය කිිරීමට නියමිත අතර විදෙස් ආයෝජකයන් ආයෝජනය කිරීමට ඉදිරිපත් නොවීම නිසා කිරිඇල්ල ඇමතිවරයා දේශීය ආයෝජකයන් හරහා හෝ මුදල් ලබාගෙන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා උත්සාහ දරමින් සිටී.
තෙවැනි අදියර සඳහා ජපානයේ ටෝකියෝ-මිට්සුබිෂි බැංකුව ආයෝජනය කිරීමට නියමිතය. මේ සඳහා බැංකුව විසින් මුදල් ලබාදී ඇති අතර ඒ අනුව පළමු සහ දෙවන අදියරේ ඉදිකිරීම් පසෙක තිබියදී තෙවැනි අදියරේ ඉදිකිරීම් සිදුකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යංශය කටයුතු කරමින් සිටී.
පළමු අදියරේ ඉදිකිරීම් සඳහා ජපානයේ ටයිසේ කෝපරේෂන් සහ ෆුජිටා කෝපරේෂන් යන සමාගම් දෙක ටෙන්ඩර් ඉදිරිපත් කර තිබූ අතර ෆුජිටා සමාගම ටයිසේ සමාගමට වඩා මිලියන 12 අඩුවෙන් ලංසු තබා තිබිණි. කෙසේ වෙතත් කිරිඇල්ල ඇමතිවරයා සිය තනි කැමැත්තට ටයිසේ සමාගමට ඉදිකිරීම් කටයුතු පවරා තිබේ. ටයිසේ කෝපරේෂන් සමාගම ජපානයේ සිදුකළ අසාර්ථ ව්‍යාපෘති හේතුවෙන් අසාදු ලේඛනගත (Blcklist) කොට ඇති සමාගමක් බවයි වාර්තා වන්නේ. එම සමාගම විසින් ජපානයේ ඉදිකළ අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් අසාර්ථක වී ඇති අතර ඒ කිසිවක් නොසලකා ඉදිකිරීම් කටයුතු ටයිසේ සමාගමට ලබා දී ඇති අතර කිරිඇල්ල ඇමතිවරයා කටයුතු කර තිබේ. මෙම තීරණයට අගමැතිවරයා ඇතුළු ආර්ථික කමිටුවේ ද විරෝධය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ටෙන්ඩරය ටයිසේ සමාගමට හිමි වුවද ඉදිකිරීම් කටයුතු සඳහා ෆුජිටා සමාගම මැදිහත් වන බව කිරිඇල්ල ඇමතිවරයා ද පිළිගෙන තිබේ. අඩු ලංසුවක් තැබූ ෆුජිටා සමාගම වෙනුවට වැඩි ලංසු තැබූ ටයිසේ සමාගමට ටෙන්ඩරය ලබාදීමට කටයුතු කළ ඇමතිවරයාම ඉදිරිකිරීම් කටයුතුවලදී ෆුජිටා සමාගම සම්බන්ධ කරගැනීමට එකඟ වී තිබේ.
මෙසේ විවිධ අක්‍රමිකතා රැසක් හෙළිවෙමින් පවතින මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ ගැටළු විසඳා ගෙන විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන ලෙස ජනාධිපති වරයා පවා උපදෙස් දී ඇති පසුබිමක කිරිඇල්ල අමාත්‍යවරයා මෙසේ හැසිරීම යහපාලන ආණ්ඩුවටම ලජ්ජා කරවන තත්වයක් බවට පත්ව තිබේ. මෙම අක්‍රමිකතා වසන් කරවීම සඳහා ලක්ෂ ගණන් වියදම් කරමින් වෙබ් මාධ්‍ය කරුවන් ග්‍රහණයට ගැනීමටද අමාත්‍යවරයා සැලසුම් සකස් කොට ඇති බවද වාර්තා වන අතර ඉදිරියේදී ඒ පිළිබඳව විස්තරද හෙළි කිරීමට ප සුදානම්.
රටට සංවර්ධන ව්‍යාපෘති අවශ්‍යය නමුත් රාජපක්ෂලා කලාක් මෙන් කොමිස් කුට්ටි ගිලිමින් ඒවායේ ණය බර රටේ ජනතාව පිට පටවමින් කරන සංවර්ධනයේ ප්‍රතිපල රාජපක්ෂලා මෙන්ම රටක් හැටියට අප සියලුදෙනා විඳින පසුබිමක කිරිඇල්ල අමාත්‍යවරයා උතුම් දළදා වහන්සේ පවා උගසට තබමින් කරනා මේ අකටයුතුකම් නැවත්වීමට සැම එක්විය යුතුය. ඒ සඳහා ජනතාව වෙනුවෙන් සයිබර් අවකාශයේ හඬ නැගීමට SL News Web අප සුදානම්….