Header Ads

test

ලංකා ඊ නිව්ස්: "වාරණය වහාම ඉවත් කරන්න"


ශ්‍රී ලංකා ටෙලිකොම් හි අන්තර්ජාල පහසුකම භාවිතා කරමින් 'ලංකා ඊ නිවුස්' වෙබ් අඩවිය පිවිසීමට නොහැකි වන සේ වාරණය කර ඇතැයි පවසමින් එය දැඩි ලෙස හෙළා දකින සමාජ ජාලා මාධ්‍ය වශයෙන් අප පැවසීමට කැමැත්තෙමු, එම වාරණය වහාම ඉවත් කරන මෙන් ආණ්ඩුවට බල කරති.
"මාධ්‍ය නිදහස සපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ මෙවැනි පියවර ජනතාව සහ මාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරො‍ත්තු නොවන්නක්" බව සිය නිවේදනයේ සඳහන් කරන අතර, වෙබ් අඩවිය වාරණය කර තිබෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ උපදෙස් පරිදි බව විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් හෙළි වී ඇති බවත් කියා සිටියි.
"එම වාරණ නියෝගය නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසම පවතින්නේ,ජනාධිපතිවරයා යටතේ වීමත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පවතින්නේ ජනාධිපතිවරයාගේ ස‍හෝදරයා යටතේ විමත් මෙම හදිසි වාරණයේ සුවිශේෂී කාරණයක්," ද වේ.
වෙබ් අඩවියට ප‍්‍රවේශ වීමේ හැකියාව තාක්ෂණිකව අවහිර කරමින් එම වෙබ් අඩවියට එරෙහිව බලධාරීන් විසින් "නිල නොවන වාරණයක්" පනවා ඇති බවක් පෙනී යන අතර, ඒ පිළිබඳව ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් අමතා තොරතුරු විමසීමට උත්සාහ කළ නමුත් SL News Web අපට ප‍්‍රතිචාරයක් නොලැබුණ බව ද සඳහන් කරමි.
"ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය කියා සිටින්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මැදිහත්වීමෙන් 2017-11-08 දින සිට මෙම වාරණය පවත්වාගෙන යන බවයි. කොමිසම එම චෝදනාවට ද කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැත," යනුවෙන් ද ලංකා ඊ නිවුස් කතෘ සඳරුවන් සේනාධීර මහතා SL News Web අප සමග පැවසුවේය.
එබැවින් ඒ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසම මෙන්ම ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා සිය මතය හෙළි කළ යුතු යයි අවධාරණය කරන යුතු බව SL News Web ඇතුළු සියලු සමාජ මාධ්‍ය ජාලා තරයේ කියා සිටිමි, බලධාරීන්ගේ නිහඬතාව මගින් එල්ල වෙමින් පවතින චෝදනාවලට තවදුරටත් පිළිගැනීමක් ලැබී ඇති බවද තවදුරටත් සදහන් කල යුතුය. පසුගියදා අගමැතිවරයා මාධ්‍ය ගැන කතා කලේ කුමන සදාචාරයකින්ද යන්න අපට ඇත්තේ කණගාටුවකි.
එල්ල වෙමින් පවතින චෝදනාව සත්‍යයක් නම් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියට එරෙහිව පියවර ගෙන ඇති ආකාරය මගින් රජය පෙන්නුම් කර ඇත්තේ වෙනත් ඕනෑම වෙබ් අඩවියකට හෝ මාධ්‍යයකට හෝ එරෙහිවද ඉදිරියේ දී අත්තනෝමතික ලෙස ක‍්‍රියා කිරීමට ඔවුන් තුළ ඇති සූදානම බවත් අප එක හෙලා කියා සිටිති.
එබැවින් මේ පියවර ඔස්සේ වත්මන් රජය මෙරට ජනමාධ්‍ය නිදහසේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනාගතයට දරුණු අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බව SL News Web  දැඩිව අවධාරණය කරයි.
එසේම, තෙවසරකට පෙර බලයට පත් වූ වත්මන් ආණ්ඩුව පසුගිය කාලය පුරා ජනමාධ්‍යයට හා ජනමාධ්‍යවේදීන්ට එරෙහිව විවිධ වාග් ප‍්‍රහාර ඔස්සේ ගෙන ගිය තර්ජනාත්මක මැදිහත්වීම් ප්‍රායෝගික ක්‍රියාකාරීභාවයට පරිවර්තනය කිරීමක් ලෙස ද මෙම ක‍්‍රියාමාර්ගය සැළකිය හැකි බවත් පෙර දැක්වූ නිවේදන මගින් පැවසෙයි.