Header Ads

test

තුවක්කුවට බිලිවෙන ඇමෙරිකාවේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය!


පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 20 දෙනෙකු පමණ ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා 26 හැවිරිදි ඇමෙරිකානු ගුවන් හමුදාවේ හිටපු සාමාජිකයකු බවට හඳුනාගෙන ඇති අතර 2014 වර්ෂයේදී ඔහු ගුවන් හමුදාවෙන් නෙරපා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මීට ආසන්නයේදීම ලාස් වේගාස්හිදී සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූ  අතර පුද්ගලයකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබූ ලොව වැඩිම පිරිස බවටද එම සිදුවීම වාර්තා වී තිබේ.
ඇමෙරිකාව තුළ දිගින් දිගටම මෙම තුවක්කු සංස්කෘතිය හේතුවෙන් සමූහ ඝාතන සිදුවන අතර වයස් භේදයකින් තොරව ගිනි අවි භාවිතා කරමින් මනුෂ්‍ය ඝාතන සිදු කරමින් සිටී. තුවක්කු සංස්කෘතිය හේතුවෙන් සිදු වන ඝාතනවලට නම් දරා ඇති රට බවට මේ වනවිට ඇමෙරිකාව පත්ව ඇති අතර පෞද්ගලික ගිනිඅවි පරිහරණය ඇමෙරිකාවේ ජනගහණයට ආසන්න වෙමින් ඇති බව පැවසේ.
මේ වනවිට ඇමෙරිකාව තුළ මිලියන 250ක් ඉක්මවා විවිධ වර්ගයේ පුද්ගලික ගිනි අවි එරට පුරවැසියන් සතුව ඇති බව අනාවරණය වී තිබේ. පසුගිය වසරේදී ඇමෙරිකාව තුළ සිදු කළ ඝාතනවලින් 64%ක් සිදු කර ඇත්තේ ගිනි අවි භාවිතා කරමින් බවත් මෙම තුවක්කු සංස්කෘතිය ඇමෙරිකානු පුරවැසියන් භීතියට පත්කරන ප්‍රබල සමාජ ප්‍රශ්නයක් බවට පත්වෙමින් ඇත.

32,451 Viewers