Header Ads

test

ජනාධිපතිගේ ලේකම්වරයෙක් දැවැන්ත කලු සල්ලි ජාවාරමක. මෙන්න සාක්කි..

හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම යට ගසා සිටින හිටපු අධිකරණ සහ බුද්ධ ශාසන ඇමැති රාජදුරගේ විජේදාස හෙවත් රාජපක්ෂගේ විජේදාස හෙවත් විජේදාස රාජපක්ෂ හෙවත් ඩීල්දාස නමැත්තා හොරු ආරක්ෂා කරන්නෙක් පමණක් නොව දීර්ඝ කලක් තිස්සේ කළු සල්ලි ව්‍යාපාරයක යෙදෙමින් එහි ආදායම් කිසිවක් රජයට නොපෙන්වා බදු වංචා කරන ‘බදු හොරෙක්‘ බව SL News Web අභ්‍යන්තර තොරතුරු සේවය වෙත සාක්කි සහිතව වාර්තා වී තිබේ.


විජේදාස රාජපක්ෂ සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා රඛිත රාජපක්ෂ කළු සල්ලි ව්‍යාපාරයකට සම්බන්ධ වී  ඇත්තේ ජර්මානු ජාතික කාන්තාවක් සමග ය. ජර්මන් කාන්තාව සහ රාජපක්ෂලා අතර  අතරමැදියා ලෙස ක්‍රියා කරන්නේ කොල්ලුපිටිය පැල්මයිරා ඇවනියුහි පදිංචි ප්‍රසිද්ධ ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ බ්‍රයන් තෝමස් නමැත්තා ය.



                                                              WR සහ RNR 

විජේදාස රාජපක්ෂ සහ ඔහුගේ දෙටු පුත් රඛිත නිර්මල රාජපක්ෂ යන අය WR සහ RNR යන සංඛේත නාම වලින් බ්‍රයන් තෝමස් සමග සම්බන්ධ වී සිටින අතර බ්‍රයන් ජර්මානු කාන්තාව සමග සම්බන්ධ වී සිටිති. 2015 ජනවාරි 8 යහපාලන ආණ්ඩුව බලයට ඒමෙන් පසු, විජයදාස රාජපක්ෂ කැබිනට් ඇමැතිධූරයක් ලබා ගැනීමෙනුත් පසු 2015 ඔක්තෝබර් 31 වෙනිදා පළමු වරට බ්‍රයන් තෝමස්ට රුපියල් තුන් කෝටි හැත්තෑ දෙලක්ෂයක් ලබා දෙමින් (රු.30,720,000/-) මේ පිය පුතු දෙදෙනා මෙම කළු සල්ලි ව්‍යාපාරයට සම්බන්ධ වී තිබේ. ඉන්පසු යලිත් වරක් 2015 නොවැම්බර් 13 වෙනිදා මෙකී කළු සල්ලි ව්‍යාපාරයට යොදවන ලෙස බ්‍රයන් තෝමස්ට රුපියල් එක් කෝටි විසි දෙලක්ෂ හය දහසක් ලබා දී තිබේ. මේවායේ ප්‍රතිලාභ ගෙවා ඇත්තේ පුදුමාකාර ලාබාංශ ලෙසය. එනම් යෙදැවූ මුදල x 22% x 60% = ලාභය ලෙස ලබා ගෙන ඇත.  


ඉහත කාරණා වලට අදාලව අප සතු ලිඛිත සාක්කි මෙහි පහත ඉමේජ ලෙස දක්වා ඇති අතර වාචික සාක්කි අනුව මොවුන් මේ කළු සල්ලි ව්‍යාපාරයට යොදවා ඇති මුදල් සහ ලබා ගෙන ඇති මුදල් මීට සිය ගුණයකටත් වඩා විශාල ය. 



මිලියන 300 කට මිලියන 2000 ක්


උදාහරණයක් ලෙස වරක් මුදලින් රුපියල් මිලියන 300 ක් බ්‍රයන් වෙත ලබා දී ඇති අතර ඊට ප්‍රතිලාබ ලෙස මාස කිහිපයකට පසු බ්‍රයන් විසින් විජේදාස රාජපක්ෂගේ නිවසටම ගෙනැවිත් දී ඇති මුදල රුපියල් මිලියන 2000 කි. රාජපක්ෂ මෙම මුදල් කිසිදු බැංකුවක නොදමා තමන්ගේ නිවසේ තැන් තැන් වල සඟවා ගෙන සිටින බව දැනගන්නට තිබේ. වරක් මේ මුදල් තැන්පත් කිරීම සඳහා අඩි 18 ක් පළල දැවැන්ත සේප්පුවක් මිලට ගත් විජේදාස රාජපක්ෂ එය නිවස තුලට ඇතුලු කර ගැනීමට නොහැකි වී යලි හරවා යවා ඇත. මෙකී කළු සල්ලි ජාවාරමේ ගණුදෙනු සඳහා මොහු පසුගිය ජූලි මාසයේදී ද ජර්මනිය බලා ගියේ ය.



තමා ඇමැතිවරයෙකු වශයෙන් සිටියදී ලබා ගත් සහ තවමත් ලබා ගන්නා මේ දැවැන්ත මුදල් කන්දරාව පිළිබඳ කිසිදු තොරතුරක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට මොහු විසින් පෙන්වා නැත. මොහු මීට පෙරද බදු වංචාවකට හසු වූ අයෙකි. එයින් දඩුවම්ද ලැබ ඇත. එය 2013.දෙසැම්බර් 30 වන දින මව්බිම පුවත්පතේ සවිස්තරාත්මකව සදහන් වේ. ඒ අනුව මොහු දැවැන්ත බදු හොරෙකි.   



මේ ලිපිය හෙළිදරව් වීමෙන් පසු මොහු නියත වශයෙන්ම තම නිවස තුල සහ රඛිතගේ නිවස තුල තිබෙන මෙකී කළු සල්ලි  තොගය වෙන කොහේ හෝ සඟවනු නියතය.



ඉහත කී කළු සල්ලි ජාවාරමට අමතරව විජේදාස රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන හල්ලව රාළලාගේ මාලා රාජපක්ෂගේ නමින්  නීත්‍යාණුකූලව පවත්වාගෙන යන P V 16170 සමාගම් ලියාපදිංචි අංක දරණ Lotus Holding සමාගම වුවද නිසි ලෙස ආදායම් බදු නොගෙවන සමාගමකි. අඩුම ගණනේ මේ සමාගමට VAT අංකයක් හෝ නැත. මේ සමාගමට අයත් නුගේගොඩ පිහිටි එක් ගොඩනැගිල්ලක් කුලියට දී ඇත්තේ මාසිකව රුපියල් ලක්ෂ 80 ක කුලී මුදලකට ය. එම ලක්ෂ 80 ට මොවුන් බදු ගෙවන්නේ නැත. ඒ සඳහා ලබා ගත් තැන්පතු මුදල වූ රු. කෝටි 100 ක මුදලටද මොවුන් බදු ගෙවා නැත. තවත් ස්ථානයක් වන නාවල අංක : 275 ඩයලොග් ගොඩනැගිල්ලෙන් මසකට ලක්ෂ 30ක් පමණ ආදායම් ලබන අතර නඩු වලට පෙනී සිටිමින් බලෙන් සහ නීතිවිරෝධී ලෙස ලබාගත් දේපල වලින් උපයන මුදල් සඳහාද බදු ගෙවන්නේ නැත. 

විජේදාස අධිකරණ අමාත්‍යධූරයේ සිටින විට පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ වංචා විශාල වශයෙන් යට ගැසු අතර ඒවායේ සාක්ෂි පවා වසන් කලේය. ජාතික ආරක්ෂා බිල්ලට දුන් ඇවන්ගාඩ් වැනි ව්‍යාපාර නීත්‍යානුකූල කිරිමට අවශ්‍ය නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිගොනු පවා අස්ථාන ගත කලේය. මොහු මුදල් වලට අම්මා අප්පා උනත් විකුණන ජාතියේ එකෙකි. මොහුගේ පුතණ්ඩියා ඊට එහාය.  මේ ඇවන්ගාඩ් ගණුදෙනුවේදී  ලක්ෂ 12 1/2 ගත් ඇමති පුත්‍රයා නමින් පටබැදි ඔහු ආරක්ෂක අමාත්‍යංශය අයට දෙන්නයැයි පවසමින් ඇවන්ගාඩ් එකෙන් මුදල් ගත්තේය. ජනාධිපතිවරයා මොහුව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් තනතුරේ තබාගෙන සිටීම ප්‍රශ්නයකට තුඩු දෙන්නකි.


කළු සල්ලි සුදු කරන රඛිතගේ කොෆී ෂොප්


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ධූරය සහ ICTA හි අධ්‍යක්ෂ ධූරයක් දරණ විජේදාසගේ දෙටු පුත්‍රයා වන රඛිත නිර්මල රාජපක්ෂ මේ දිනවල රට පුරා සුපිරි ‘කොෆී ෂොප්‘ ජාලයක් (Cafe Noir) ආරම්භ කරමින් යයි. ඒ අන් කිසිවකට නොව ඉහත කී කළු සල්ලි සුදුකර ගැනීම සඳහා ය. නොඑසේව ලේකම් ධූරයකින් සහ අධ්‍යක්ෂ ධූරයකින් වැටුපක් ලැබෙන, මාස 3 කට වඩා දීගයක් කා ගත නොහැකි, හුලිජ්ජ කොළුවෙකුට රට පුරා සුපිරි ‘කොෆි ෂොප්‘ ආරම්භ කළ නොහැකි ය. 



මිනිසුන් ධනය උපයනවාට, ධනය පරිභෝජනය කරනවාට, ධනය අයෝජනය කරනවාට නියැන්ඩර්තාල් වම්මුන් සේ හෝ නූගත් කුහකයන් සේ හෝ SL News Web කිසිදු විරුද්ධත්වයක් නැත. අප විරුද්ධ වන්නේ එම ධනය උපයා ගත් හැටි රජයට නොපෙන්වා, ඒ ධනයට නිසි ලෙස බදු නොගෙවා සඟවා හොරා කනවාට ය. උන් බදු හොරුය. 



අල්ලස් හෝ දූෂණ කොමිසමට ඔත්තුවක්   


අප දන්නා නීතිය අනුව නම් මාධ්‍ය වාර්තාවකින් හෙළිකරන දූෂණයක් වුව පැමිණිල්ලක් සේ සලකා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට වැටලීමක් කර විමර්ශනයක් ආරම්භ  කළ හැකිය. ඒ අනුව මෙම පුවත පළ වූ වහාම විමර්ශන නිලධාරීන් විජේදාසගේ සහ රඛිතගේ නිවෙස් වටලා කළු සල්ලි අත් අඩංගුවට ගත හැකිය. බ්‍රයන් තෝමස් අත් අඩංගුවට ගෙන මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ හැකිය. සාක්කි කරුවන්ට ආරක්ෂාව සලසන්නේ නම් විජේදාස සහ පුතාගේ මේ දූෂණය පිළිබඳ සාක්කි දීමට අපි සාක්කි කරුවන් ඉදිරිපත් කරන්නෙමු. 



මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තමා දූෂණයට එරෙහි සුදනෙකු බව ඔප්පු කිරීම අවශ්‍ය නම් ඒ සඳහා තම විධායක බලතල පාවිච්චි කර අල්ලස් හෝ දූෂණ කොමිසමට නියෝගයක් දුන්නාට කිසිවෙකු විරුද්ධ නොවනුද ඇත. නමුත් සිරිසේන මහතාගේ ලඟම ඥාතීන්ද රාජපක්ෂ පිය පුතු දෙදෙනා ඉහත කී කළු සල්ලි ව්‍යාපාරයට බිලී බාගෙන සිටින බැවින් එවැන්නක් සිදුකිරීමට ජනාධිපතිවරයාට හයියක් ඇතැයි සිතිය නොහැකි ය. අපි ඉදිරි පරීක්ෂණයක් පැවැත්වුවහොත් එයද සාක්ෂි ඇතුව ඔප්පු කරන්නෙමු.


- SL News Web  මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි-
(විජේදාස සහ රඛිත බ්‍රයන් තෝමස්ට ගෙවූ මුදල් සහ ලබා ගත් මුදල් වල ගණන් හිලව් වාර්තාවේ මෙහි දැක්වෙන ‘ස්ක්‍රීන් ෂොට්‘ රූප ලබා ගත්තේ රඛිත රාජපක්ෂගේ පුද්ගලික ලැප්ටොප් පරිගණකයෙනි. මෙම රූප විනාශ නොකළහොත් මරා දමන බවට රඛිත විසින් ලබා ගත් අයට තර්ජනය කරන ලදී)