Header Ads

test

බය නැති අගමැති ගජ මිතුරාගේ බරපතල වංචාවක් එළියට, හොරුන්ටත් රැකවරණ



කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් වැලිකඩ පොලීසියට යාබදව ඇති අංක : 341/5, කෝට්ටේ පාර, රාජගිරිය යන ලිපිනයට අයත් රජයේ ඉඩමක් අනවසරයෙන් ගොඩකර කූඨ ලෙස පවරාගැනීමක් පිලිබදව SL News Web අප විසින් හෙලිදරව් කරන්නෙමු. ඔහු නමින් වත්මන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ සභාපති කුප්‍රකට මලික් සමරවික්‍රම නැමති දූෂිතයාය. එම ඉඩම පර්චස් 36 කින් යුක්ත අතර වටිනාකම කෝටි 18කට අධික වන අතර මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති විසින් මෙම ඉඩම ඉදිරිපසින් පදික වේදිකාවද අවහිර වන සේ නීතියට පටහැනි අයුරින් කොන්ක්‍රීට් පාරක්ද ඉදි කර ඇත. 

මෙම ඉඩමේ ඉදි කර ඇති ගොඩනැගිල්ලේ මොහුගේ පෞද්ගලික ව්‍යාපාරයක් වන ස්පෙවිල් සිලෝන් ප්‍රයිවට් ලිමිටඩ් නැමති සමාගමේ ප්‍රධාන කාර්‍යාලය පිහිටා ඇති අතර මොහුගේ අයිතියට ඇති මෙම සමාගමේ ජර්මන් ජාතිකයන් දෙදෙනෙක් සහ එක් ශ්‍රී ලාංකිකයෙක් කොටස් හිමිකරුවන් අතර වනවා. මලික් සමරවික්‍රම මෙම සමාගමේ කොටස් 2008 සැප්තැම්බර් 30 වනදින රිච් හෝල්ඩින්ස් නැමති හොංකොං සමාගමට විකුණා ඇත. එයද ඔහුගේ සමාගමක් යන්න විශාල සැකයක් ඇති අතර 2017 ජූලි 14 වැනිදා සිට මේ සමාගමේ ( ස්පෙවිල් සිලෝන් පුද්ගලික සමාගම ) සියලු කොටස් නිලෝනා ලංකා පුද්ගලික සමාගමට විකුණා ඇත. මලික් සමරවික්‍රම අවස්ථා ගණනාවකදී ස්පෙවිල් සිලෝන් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක ධූරයන්ට ඇතුලත් වීම සහ ඉන් ඉවත් වීම තවත් වැදගත් කාරණයක් ය. 

2008 වසරේ අධ්‍යක්ෂක ධූරයෙන් ඉවත් වන ඔහු 2011 මැයි 12 වැනිදා යලි අධ්‍යක්ෂවරයකු ලෙස පත් වෙනවා. 2011 වසරේ ඔක්තෝබර් 04 වැනිදා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් වන ඔහු යලි පත් වන්නේ 2011 නොවැම්බර් 23 වන දිනයි. 2015 අගෝස්තු 20 වැනිදා මලික් සමරවික්‍රම යලිත් සමාගමේ අධ්‍යක්ෂක ධූරයට පත් විය. මෙහි සුවිශේෂී වෙනස්කම වන්නේ 2015 දෙසැම්බර් 25 වන දින වන අතර එදින සිදු වූ සුවිශේෂී කාරණය නම් මලික් සමරවික්‍රමට කොටස් අයිති සමාගමේ වත්මන් අධ්‍යක්ෂකවරු ලෙස නන්දන ජයදේව ලොකුවිතාන මහතා සහ මල්ලිකා යද්දෙහිගේ මහත්මිය පත් වීමයි. මේ නන්දන ජයදේව ලොකුවිතාන කවුද යන්න අද සමාජය හොදින් දන්නෙමු. ඩුබයි මැරියට් හෝටලය මිලදී ගැනීම ඇතුළු මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු වූ කූඨ ගණුදෙනු රැසක් සම්බන්ධයෙන් නන්දන ලොකුවිතාන සම්බන්ධ වී සිටියේය. 

නන්දන ලොකුවිතානට අයත් ලංකා වානේ සමාගමට පසුගිය සමයේ විශේෂ බදු සහන ලබා දී තිබූ අතර කොන්දේසි උල්ලංඝනය කල බැවින් බදු සහන මෙන්ම සියලු දෑ අවලංගු කල යුතු බවට ආයෝජන මණ්ඩලයෙන් යෝජනාවක්ද ඉදිරිපත් විණි. එයින් පසු ආයෝජන මණ්ඩලයේ සභාපතිට ගෙදර යන්නට සිදු විය. සෙසු යකඩ නිෂ්පාදකයින් වරක් ප්‍රකාශ කලේ එක් සමාගමකට පමණක් මේ අසාමාන්‍ය සහන නිසා කර්මාන්‍තය කරගෙන යා නොහැකි තත්වයක් ඇති විය. 







එල්ල වූ වංචා, දූෂණ චෝදනා පිළිබදව විධිමත් ආයතන වලට පැමිණිලි ගණනාවක් ලැබී තිබියදීත් ඒවා පිළිබද විමර්ශන කර නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට සිදු වූයේ යහපාලන දින 100 ආණ්ඩු සමයේ හොරණ ටයර් කම්හලක් ආරම්භ කිරීමට අයෝජන සහන ලබා දීමයි. 



නන්දන ලොකුවිතානට රැකවරණය සලසන්නේ කවුද ? බළලා 🐱 මල්ලෙන්  එලියට පැමිණ ඇත. මේ සියලුම දේ ( Deal ) සිද්ධ වන්නේ පැහැදිලිවම අගමැති රනිල්ගේ මෙන්ම මලික් සමරවික්‍රමගේ අවශ්‍ය පරිදිය. මොවුන් සෙල්ලම් කරන්නේ ජනවාරි 8 හැට දෙලක්ෂයක් ජනතා පැතුම් සමග නොවේද ?

49,767 Viewers